ඊශ්‍රායලය හා පලස්තීන හමාස් සංවිධානය අතර ඇතිවී තිබෙන ගැටුම්කාරී තත්ත්වය මැද වුවද ඊශ්‍රාලයේ සිටින ශ්‍රී ලාංකිකයන් කිසිවෙකු නැවත ආපසු පැමිණීමට උනන්දුවක් නොදක්වමින් ඇතැයි වාර්තාවෙයි.
ශ‍්‍රී ලාංකිකයන් කිසිවෙකුට නැවත පැමිණීයට අවශ්‍ය නම් ඒ සඳහා සියලු අවස්ථා ලබා දී ඇතත් ගාසා තීරය ආසන්න ප්‍රදේශවල සිටින ශ්‍රී ලාංකිකයන් පවා එරට රැඳී සිටීමට වැඩි කැමැත්තක් දක්වමින් ඇතැයිද සඳහන්ය.
කම්කරු හා විදේශ රැකියා අමාත්‍යාංශය සඳහන් කරන්නේ කිසියම් ශ්‍රී ලාංකිකයෙකුට ආපසු පැමිණෙන්ට අවශ්‍ය නම් ඊට අවශ්‍ය පහසුකම් ලබාදීමට සූදානම් බවයි.
ගාසා තීරය ආසන්නයේ සිටින ශ්‍රී ලාංකිකයන්ට ආරක්ෂිත ස්ථාන කරා ගමන් කරන ලෙස මේ වන විටත් එරට ශ‍්‍රී ලංකා තානාපති කාර්යාලය විසින් දැනුම් දී තිබේ.
0 Comments