විසිතුරු මල් කූඩ තොගයක් නානුඔය දුම්රිය ස්ථානයට රැගෙන ගිය තරුණයෙකුට දුම්රිය සේවක මණ්ඩලයේ පුද්ගලයන් කිහිප දෙනෙකු විසින් දරුණු ලෙස පහර දීමේ සිද්ධිය සම්බන්ධ පුද්ගලයන් තවමත් අත්අඩංගුවට ගෙන නොමැති බව පවසමින් පහර කෑමට ලක් වූ තරුණයාගෙ දෙමාපියන් විසින් නුවරඑළිය දිශාව භාර ජේෂ්ඨ පොලිස් අධිකාරිවරයා වෙත (16) දින පැමිණිල්ලක් සිදුකර ඇත.
පැමිණිල්ල සිදු කිරීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් පහරකෑමට ලක්වූ තරුණයාගේ දෙමාපියන් කියා සිටියේ පසුගිය (05) දින ගුරු දිනය වෙනුවෙන් ලැබුණු විසිතුරු මල් ඇණවුමක් කොළඹ ප්‍රදේශයට ප්‍රවාහනය කිරීම සදහා නානුඔය දුම්රිය ස්ථානයට භාර දීමට ගිය අවස්තාවේ ඇති වූ වචන හුවමාරුවක් දුර දිග ගොස් දුම්රිය ස්ථාන සේවක මණ්ඩලයේ නිලධාරින් සිව්දෙනෙකු විසින් මෙම පහරදිම සිදු කර ඇති බවත්, පහරදිමෙන් පුත්‍රයාගේ මුහුණ ප්‍රදේශයේ අස්ථියක් පුපුරා ගොස් දත් සියල්ල සෙලෙවෙන තත්ත්වයට පත් වි ඇති බවයි පහරකැමට ලක් වු ශේන් ලක්ෂිත (අවු 29 ) නම් තරුණයාගේ දෙමව්පියන් කියා සිටියේ.
පහර කෑමට ලක් වූ තරුණයාගේ පියා වන නිශාන්ත කරදගොල්ල මහතා කියා සිටියේ පසුගිය (05) දින රාත්‍රි 8.45 ට පමණ මල් පෙට්ටි අරන් දුම්රිය ස්ථානයට යනවිට වීල් එකේ පැච් එකක් ගියා , එය අලුත්වැඩියා කරගෙන දුම්රිය ස්ථාන වෙත යනකොට විනාඩි 5ක් විතර පරක්කු වුණා ,
මල් පෙට්ටිය භාර දෙන්න යනකොට දුම්රිය සේවක මණ්ඩලයෙන් ඒක භාර ගන්න බෑ කියද්දි පුතා කිව්වේ තව කෝච්චියට වෙලා තියෙනවනේ මේක ගන්න අපිට කරන උදව්වක් විදිහට කියලා ,
එතකොට ඔහුන් අපිට කතා කරේ නොසුදුසු විදිහට , උඹලට ඕන ඕන විදිහට අපිට රාජකාරි කරන්න බෑ , අපිට ඕන විදිහට තමයි අපි කරන්නේ කියලා කිව්වා,
ඊට පස්සේ අපි එතනින් පිටත් වෙලා ආවේ මේ ගැන ඉහල තැනට පැමිණිලි කරනවා කියලා විතරයි ,
අපි මග එද්දි කෝල් එකක් ආවා , මල් අයිතිකාර අයගෙන් දැන් ගිහින් භාර දෙන්බ මල් ටික දෙන්නෙක් ඇවිල්ලා ගයි කියලා ,
අපි ආයෙ මල් ටික භාර දෙන්න ගිහින් මල් පෙට්ටි ටික බහනකොටම මගේ ත්‍රීරෝද රථය පස්සට ගන්න කිව්වා වාහන දන්න ඉඩ ඕන කියලා ,
මම වාහනේ පස්සට ගන්නකොට පිටි පස්සේ නවත්තලා තිබ්බ වාහනේ වැදුනා , මන් ඒ ගැන බලන් ඉන්නකොට කෑ කෝ සද්දයක් ආව මන් එතනට යනකොට පුතාට හතර දෙනෙක් එකතු වෙලා හොදටම ගහනවා ,
ප්‍රශ්නේ දුර දිග යයි කියලා බයට පුතාව වාහනේට ඇදලා දාගෙන මල් පෙට්ටි ටිකයි අරගෙන අපි එතනින් පිටත් වෙලා ආවා ,
නුවරඑළිය අපි එනකොට පුතාට හොදටම අසාද්‍යයි අපි පුලුවන් ඉක්මනට එයාව නුවරඑළිය දිස්ත්‍රික් මහ රෝහලට ඇතුල් කලා ,
අපිට රෝහලෙන් කිව්වේ එයාගෙ අස්ථියක් කැඩිලා දත් ඔක්කොම බුරුල් වෙලා කියලා ,
පහුවදා (06) අපි නානුඔය පොලිසියට ගිහින් මේ ගැන පැමිණිලි කරලත් පහුවදා වෙනකල්ම කාවත් අත්අඩංගුවට අරගෙන තිබුණේ නැ ,
ඉන් පස්සේ අපි මේ ගැන නුවරඑළිය ජේෂ්ඨ පොලිස් අධිකාරි තුමාට පැමිණිලි කරා , ඊට පස්සෙ එක් කෙනෙකු විතරක් අත්අඩංගුවට අරගෙන පැය කිහිපකින් උසාවියට ඉදිරිපත් කරලා ඇපත් දීලා ,
පහර දීමට සම්භන්ධ අනෙක් තිදෙනාවත් අත්අඩංගුවට ගන්න අපිට සාධාරණයක් ඉටු කරන්න කියලා තමයි අපි ඉල්ලන්නේ යනුවෙන් පැවසීය.
මෙම පහර දීමේ සිද්ධිය සම්බන්ධව නානුඔය මූලස්ථාන පොලිස් පරීක්ෂක ඩබ්ලිව්.ඩී.සි.ජනක මහතාගෙන් අප කළ විමසුමකට ඔහු කියා සිටියේ පහරදීමට සම්බන්ධ එක් සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව එම පුද්ගලයා ඇප මත මුදා හැරීමට කටයුතු කළ බවත්, අනෙකුත් සැකකරුවන්ට පොලිසියට පැමිණෙන දැනුම් දී ඇති අතර ඔවුන් පොලිසියට පැමිණීමෙන් අනතුරුව පහර කෑමට ලක් වූ පුද්ගලයා හරහා ඔහුන් හඳුනාගෙන අත්අඩංගුවට ගෙන නීතිය ක්‍රියාත්මක කිරීමට කටයුතු කරන බවයි.
0 Comments