කුමාර ධර්මසේන අත්අඩංගුවට ගන්නැයි නියෝග කෙරේ…

 

නාරාහේන්පිට ප්‍රදේශයේ පෞද්ගලික නිවසකට ඇතුළු වී ගිනි අවි ඇතැතිව එහි පුද්ගලයන්ට තර්ජනය කිරීමේ සිදුවීමකට අදාළව සියලුම සැකකරුවන් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන්නැයි කොළඹ අතිරේක මහේස්ත්‍රාත් අධිකරණය නාරාහේන්පිට පොලිසියට නියෝග කර තිබේ.

මෙසේ අත්අඩංගුවට ගන්නා ලෙස නියෝග කර ඇත්තේ ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ හිටපු ක්‍රීඩක ජාත්‍යන්තර ක්‍රිකට් තරග විනිසුරු පින්තැන්න ප්ලාන්ටේෂන් සමාගමේ සභාපති කුමාර ධර්මසේන ඔහුගේ බිරිඳ ඇතුළු අධ්‍යක්ෂවරුන් 12 දෙනකු ඇතුළු පිරිසකි.

පුද්ගලික සමාගමක කළමනාකාර අධ්‍යක්ෂක වරයෙකු අධිකරණය හමුවේ ගොනු කර තිබූ පෞද්ගලික පැමිණිල්ලක් සලකා බලමින් මහේස්ත්‍රාත්වරයා මෙම නියෝගය නිකුත් කර තිබේ.

Post a Comment

0 Comments