ගාසා තීරයේ සටන් විරාමයකට ආරක්ෂක කවුන්සිලයට ගෙනා යෝජනාව ඇමරිකාව නිෂේද බලයෙන් පරාජය කරයි..

 

ඊශ්‍රායලය හා හමාස් සංවිධානය අතර පවතින යුධමය තත්ත්වය නවතා සටන් විරාමයක් ඇති කිරීමට එක්සත් ජාතීන්ගේ ආරක්ෂක කවුන්සිලය ගෙන ආ යෝජනාව පරාජයට පත්කර තිබේ.

බ‍්‍රසීලය විසින් මෙම ගෙන එන ලද මෙම යෝජනාවට එරෙහිව ඇමරිකාව සිය නිෂේද බලය යොදා පරාජය කර ඇත.

ආරක්ෂක කවුන්සිලය සාමාජිකයන් අතරින් යෝජනාවට විරුද්ධව ඡන්දය භාවිතා කර ඇත්තේ ඇමරිකා එක්සත් ජනපදය පමණි.

ඉදිරිපත් කරන ලද යෝජනාව මේ සඳහන්ව තිබුණේ හමාස් සංවිධානය එල්ල කළ ප්‍රහාරය හෙළා දැකීම හා මානුෂීය ආධාර සැපයීම වෙනුවෙන් සටන් විරාමයක් ඇති කිරීමයි.

දෙපාර්ශ්වයෙන්ම සිවිල් වැසියන්ට සිදු වන හානිය හෙලා දැකීම ද එම යෝජනාවෙන් ඉදිරිපත් කර තිබුනි.

කෙසේ වෙතත් ඇමරිකාව සඳහන් කර ඇත්තේ ආත්මාරක්ෂක වෙනුවෙන් ක්‍රියා කිරීමට ඊශ්‍රායලයට ඇති අයිතිය මෙම යෝජනාවෙන් ආවරණය නොවන බවයි.

Post a Comment

0 Comments