ජනාධිපතිවරණයක් ඉල්ලන්නෙ ව්‍යවස්ථාවෙ තියෙන නිසානෙ,.....

 


රනිල් ජනාධිපතිගෙ තර්කය වී ඇත්තේ විපක්ෂය ජනාධිපතිවරණයක් ඉල්ලන්නෙ ව්‍යවස්ථාවෙ තියෙන නිසා බැවින් ව්‍යවස්ථාව වෙනස් කළාම ජනාධිපතිවරණයක් අවශ්‍ය නොවන බවයි.

  ඒ අනුව විධායක  ජනාධිපති ක්‍රමය අහෝසිකර පූර්ණ බලය සහිත  අගමැති තනතුරක් ඇති කිරීම සඳහා කෙටුම්පත් කරන ලද නව ව්‍යවස්ථා සංශෝධන යෝජනාවක් නීති කෙටුම්පත් සම්පාදන දෙපාර්තමේන්තුවට ආණ්ඩුව විසින් මේ වන විටත් යවා ඇති බව ජනාධිපති කාර්යාල ආරංචි මාර්ග වලින් සැලවේ.මේ අනුව දැනට විධායක ජනාධිපති ලෙස කටයුතු කරන තැනැත්තා අගමැති ලෙස පත්වන බවට වූ අන්තර්කාලීන විධිවිධානයක්ද ඉදිරිපත් කර ඇතැයි පැවසේ.එම සංශෝධන නීතිපතිවරයා සහතික කිරීමෙන් අනතුරුව එය පාර්ලිමේන්තුවට එවීමට නියමිතය.කෙසේ වුවද රටේ මූලික නීතිය වෙනස් කරනවා නම් පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකකකන් හා ජනමතවිචාරණයකින් අනුමත විය යුතුය.එසේම පාර්මේන්තු චන්ද ක්‍රමය වෙනස් කිරීම සඳහා වූ යෝජනාවක් මේ වන විටත් කැබිනට් මණ්ඩලයේ අනුමතය සඳහා ඉදිරිපත් කර ඇති බව පැවසේ.මේ සියල්ල එසේ වෙද්දී විපක්ෂයේ කංඩායම් ඔහේ බලාගෙන සිටී.....

Post a Comment

0 Comments