බගවන්තලාව ඉහල ජල පෝෂක ප්‍රදේශවලට ගිගුරුම් සහිතව ඇද හැලුණු අධික වර්ෂාව හේතුවෙන් කාසල්රි ජලාශයට ප්‍රධාන වශයෙන් ජලය ගලා බසින කෙසෙල්ගමුඔය පිටාර ගැලිමෙන් බගවන්තලාව ප්‍රදේශයේ පහත්බිම් රැසක් ජලයෙන් යට වි තිබුණි.
කෙසෙල්ගමුඔයට ආසන්නයේ පිහිටි පහත්බිම් හරහා වතු කිහිපයකට පිවිසෙන මාර්ග කිහිපයක්ද පැය කිහිපයක් ජලයෙන් යට වි තිබිම නිසා එම මාර්ගයේ රථ වාහන ගමනා ගමනයට බාධා එල්ල වි තිබුණි.
බගවන්තලාව ප්‍රදේශයට ඇද හැලුණු අධික වර්ෂාවත් සමග කාසල්රි ජලාශයේ ජල මට්ටම පිටාර මට්ටමට අඩි 05 දක්වා ආසන්න වි ඇති බව එම ජලාශය භාර ඉංජිනේරුවරයා පැවසිය.
0 Comments