මහනුවර ශික්ෂණ රෝහලේ සායන කටයුතු වලට ගොස් ආපසු නිවස කරා බස් රථයෙන් ගමන් කරමින් සිටි දෙදරු පියෙකු (20) දින බස් රථය තුලදිම ජිවිතක්ෂයට පත් වි ඇති බව හැටන් පොලිසිය පැවසිය.
මෙසේ බස් රථය තුලදි ජිවිතක්ෂයට පත් වි ඇත්තේ දික්ඔය බටල්ගල ඉහල කොටසේ පදිංචි අරුමුගන් ත්‍යගේෂ්වරන් නැමති දෙදරු පියෙකි.
ජිවිතක්ෂයට පත් පුද්ගලයා ත්‍රිරෝද රථ රියදුරෙකු බවත්, ඔහු බෝ නොවන රෝගයක් සම්බන්ධයෙන් මසකට වරක් මහනුවර ශික්ෂණ රෝහලේ සායන කටයුතු වලට යන බවත්, (19) දින නිවසින් පිටවගොස් (20) දින උදැසන සායන කටයුතු වලට සහභාගි වි ආපසු නිවස කරා හැටන් සිට පොඩයිස් දක්වා ධාවනය කරන පෞද්ගලික බස් රථයකින් ගමන් කරමින් සිටියදි බස් රථය තුලස ජිවිතක්ෂයට පත් වි ඇති බවයි ජිවිතක්ෂයට පත් පුද්ගලයාගේ සහෝදරයා කියා සිටියේ.
බස් රථයේ ගමන් ගත් මගියා බස් රථයෙන් බැස නොයැම සම්බන්ධයෙන් සැක සිතු සෙසු මගින් ඒ පිලිබදව බස් රථයේ රියදුරා සහ කොන්දොස්තරවරයා දැනුවත් කිරිමෙන් පසු ඔහුන් දෙදෙනා එක්ව මගියා පරික්ෂා කර බැලිමේදි ඔහු මියගොස් ඇති බවට තහවුරු වි ඇත.
හැටන් පොලිසියේ උපදෙස් පරිදි මියගිය දෙදරු පියාගේ සිරුර එම බස් රථයෙන්ම දික්ඔය මුලික රෝහල වෙත රැගෙන ගොස් භාර දි ඇත.
සිද්ධිය සම්බන්ධයෙන් හැටන් පොලිසිය පරික්ෂණ පවත්වයි.
0 Comments