IMF " පල" කියන තැන අපි නෑ.....

 


    ඉහතින් සඳහන් වන්නේ මේ රටේ අර්බූදයට එකම විසඳුම ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට යාම පමණක්  බව කියන, යටත් විජිත මානසිකත්වයකින් හෙබි ,මල් මල් පාට ලිබරල්වාදියෙකු වන සජබ පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂ ද සිල්වා සිළුමින පුවත්පතට කළ ප්‍රකාශයකි.

      ඔහු වැඩිදුරටත් පවසා තිබුනේ විපක්ෂයේ ඇතැම් පිරිස්  මේ වනවිටත් IMF වෙත යාමට විරුද්ධව ඒකරාශී වුවත්,IMF යන ලෙස මුලින්ම කිව්වේ තමා බවත්,IMF සමඟ විපක්ෂය(සජබ) ලෙස අපි දිගටම සාකච්ඡා කරන බවත්,IMF හි විශ්වාසය අපටත්,අපේ විශ්වාසය IMF එකටත් තියෙන බවත්,අපිද IMF සමග ඉදිරියටම යන බවත්,IMF " පල" කියන තැන අපි නොමැති බවත්ය.

   මේ පිළිබඳව අදහස් දැක්වූ  වාමාංශික බුද්ධිමතකු පැවසුවේ ඊළගට බලය ගැනීමට සිතා සිටින විපක්ෂයේ අදහස එය නම් මේ රටටත්,මේ රටේ ජනතාවටත් දෙවියන්ගේම පිහිටයි යනුවෙනි.

  එසේම ඔහු වැඩිදුරටත් පැවසුවේ සජබ යනු මේ ආණ්ඩුවේම කාබන් කොපිය බවත්,ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ වට්ටෝරුව ක්‍රියාත්මක කිරීම නිසා මේ කෙටි කාලය තුල ජනතාවට අත්කරදී ඇති ව්‍යසනය බරපතල බවත්,ජනතාවට බදු පිට බදු පටවා ඔවුන්ට  තිත්ත බෙහෙත් බොන්න කියන ආණ්ඩුව ,මහා පරිමාණ ව්‍යාපාරික පංතියට සහන සලසන බවත්, මේ ආණ්ඩුව අර්බූදයේ බර ජනතාව පිට පටවා,පොදුජන අයිතියේ පවතින ලාභ ලබන ආයතන ,ඉඩකඩම්,දේපොළ,දේශීය විදේශීය කොම්පැනිකාරයින් ට විකුණන බවත්,සහනාධාර කපමින්,තෙල් මිළ,විදුලි හා ජල බිල් ඉහළ දමමින් කටයුතු කරන බවත්, කැමති වෙලාවක සේවකයන් දොට්ට දැමීමට හැකිවන ලෙස කම්කරු නීති වෙනස් කරමින්,  අර්ථසාධක අරමුදලේ ප්‍රතිලාභ කප්පාදු කරන බවත්, මේ නිසා කෝපවන ජනතාව මර්ධනය⁣ කිරීම සඳහා,විවිධ අණපනත් ගේන බවත්,ඊනියා ප්‍රතිසංස්කරණ සහ රාජ්‍ය මර්ධනය යනු අඹ යහළුවන් බවත්,මෙවැනි විනාශයක් සිදුකරන IMF ගැන හර්ෂ ද සිල්වා දරන ස්ථාවරයද, මේ ආණ්ඩුවද පරාජය කිරීම සඳහා වාමාංශික,ප්‍රගතිශීලි පක්ෂ හා ජනතාව වහාම එකසත් විිය යුතු බවත් ඔහු පැවසීය.....

Post a Comment

0 Comments