ලෝක කුසලාන තරගාවලිය යටතේ ඊයේ දින පැවති නෙදර්ලන්ත දකුණු අප්‍රිකානු තරගය අතරතුර ශ්‍රී ලංකා සුපිරි ක්‍රීඩක ධනංජය සිල්වා වීඩියෝ ක්‍රීඩාවක නිරත වූ බවට සමාජජාලාවල වාර්තා පළමුවෙමින් ඇත.
එම වීඩියෝ ක්‍රීඩාව නරඹන්නන් අතර ශ‍්‍රී ලංකා සුපිරි ආරම්භක පිතිකරු දිමුත් කරුණාරත්නද සිටි බවට සමාජ ජාලාවන්හි දැක්වෙයි.
නෙදර්ලන්තය සහ දකුණු අප්‍රිකාව අතර පැවැති තරගයෙන් නෙදර්ලන්තය ජයගැනීමත් සමග ශ්‍රී ලංකාව ප්‍රසාද ලකුණු සටහනේ අවසාන ස්ථානයට පත්ව සිටියි.
ශ්‍රී ලංකාවට මීළඟ තරඟය පැවැත්වෙන්නේ නෙදර්ලන්ත කණ්ඩායම සමගයි.
ඊයේ තරගය අතරතුර ජාත්‍යන්තර විස්තර විචාරකයන් කියා සිටියේ නෙත්ර්ලන්ත ජයග්‍රහණයත් සමග ශ්‍රී ලංකා කණ්ඩායම තිගැස්මකට ලක් වනු ඇති බවය.
0 Comments