ඇමති ධුර 10ක් ලෑස්තියි.. බෙදාගන්න පොරකති…

 



ඇමති මණ්ඩලය තවදුරටත් පවතින පුරප්පාඩු පුරවා ගනිමින් ශක්තිමත් ආණ්ඩුවක් පවත්වාගෙන යෑමටත් සාකච්ඡා කරමින් ඇතැයි ආණ්ඩුවේ ආරංචි මාර්ග පවසයි.

අමාත්‍යධුර තිහක් පත් කළ හැකි වුවත් මේ වන විට පත්කර ඇත්තේ කැබිනට් ඇමති ධුර විස්සක් පමණි.

ඉතිරි ඇමති ධූර 10 පත් කිරීමේ පෙර සූදානමක ඇති බව එම ආරංචි මාර්ග කියා සිටී.

අමාත්‍ය තනතුරු බලාපොරොත්තු වෙන පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරුන් කිහිප දෙනෙකු ජනාධිපතිවරයා හමුවේ මේ වන විටත් ඉල්ලීම් කර ඇත.

ඇමති තනතුරු පිරවීමේදී දැනට පවතින ඇමති තනතුරු යම් යම් සංශෝධන කිහිපයක් සිදුවීමට බොහෝ දුරට ඉඩ ඇති බවද එම ආරංචි මාර්ග කියා සිටී.


Post a Comment

0 Comments