පොල්පැල 100,000 ක් වගාකිරීමේ ව්‍යාපෘතිය අරඹයි…

 

වැවිලි කර්මාන්ත අමාත්‍යංශය විසින් ආරම්භ කරන ලද පොල් ත්‍රිකෝණය ව්‍යාපෘති වැඩසටහනට සමගාමීව පොල්පැල 25,000 ක් වගාකිරීමේ වැඩසටහන කිලිනොච්චිය ඉයක්කච්චි ප්‍රදේශයේදී ආරම්භ විය.

උතුරු පලාතේ අක්කර 40,000 ක පොල්පැල වගාකිරීමට අපෙක්ෂා කෙරෙන අතර රජය විසින් ක්‍රියාත්මක කිරීමට සැලසුම් කොට ඇති උතුරු පලාත් පොල් ත්‍රිකෝණය වැඩසටහන යටතේ මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක වෙයි.

පොල් සංවර්ධන මණ්ඩලය සහ හේකාබ් ව්‍යාපෘතිය එක්ව ක්‍රියාවට නැංවෙන මෙම වැඩසටහන උතුරු පලාත් ආණ්ඩුකාර පී.එස්.එම්.චාල්ස් මහත්මියගේ ප්‍රධානත්වයෙන් ආරම්භ විය.

මෙහිදී කිලිනොච්චියේ ගොවි ජනතාව සඳහා ආණ්ඩුකාරතුමිය අතින් පොල්පැල බෙදාදීමද සිදුවිය. උතුරු පලාතේ පොල් ආශ්‍රිත කර්මාන්තශාලා ඉදිරියේදී ආරම්භ කිරීමටද සැලසුම් කොට තිබේ.

එසේම උතුරු පලාත පොල් වගාවට ස්වාභාවික හා පාරසරික පරිසරයක් පිහිටි පලාතක් බැවින් යුද් ගැටුම් පැවති සමයේ විනාශයට පත් වූ බොහෝ ප්‍රදේශවල පොල් වගාව නැවත ව්‍යාප්ත කර ජාතික පොල් නිශ්පාදනයට සෘජු දායකත්වයක් ලබාදීම මෙම ව්‍යාපෘතිය මගින් අපේක්ෂා කෙරේ.

මෙම පොල්පැල 25,000 ක් සිටුවීමේ ව්‍යාපෘතිය සඳහා රාජ්‍ය ආයතන ගණනාවක සහය ලැබී ඇති අතර මේ වන විට වර්ෂා කාලය එලඹී ඇති බැවින් පොල් පැල ජනතාව අතර බෙදා දී රෝපණ කටයුතු කඩිනමින් සිදුකිරීමට අපේකෂා කෙරේ.

මෙම උත්සව අවස්ථාවට සහභාගී වූ උතුරු පලාත් ආණ්ඩුකාර තුමිය පවසා සිටියේ, පොල් වගාව උතුරු පලාතේ ව්‍යාප්ත කිරීම තුලින් ශ්‍රීලංකාවේ විදෙස් විනිමය ඉපයීමට විශාල දායකත්වයක් සපයා දීමත් දේශීය අවශ්‍ය වන පොල් අවශ්‍යතා සඳහා දායකත්වය ලබා දීමත් අරමුණු කරන බවයි.

එසේම පොල් වගාව සඳහා ගොවි ජනතාවට නව තාක්ෂණික පහසුකම් සඳහා මනා පුහුණවක් ලබා දීම ඒ වගේම පොල් වගාවට අවශ්‍ය උපදේශනය සැපයීම , පොල් වගාවට ඇති වන අලි තර්ජනය මෙන්ම කෘමීන්ගෙන් සිදුවන හානි වැලක්වීම සඳහා පියවර ගැනීම ආදී වැඩසඑහන් ඉදිරියේදී ක්‍රියාත්මක වීම තුලින් පොල් වගාව සාර්ථක ඉලක්ක කරා ගෙන යාමට හැකිවනු ඇති බවයි.

මෙම උත්සව අවස්ථාවන් සඳහා පොල් සංවර්ධ මන්ඩලයේ සභාපතිනි ආචාර්ය මාධවී හේරත් මහත්මිය ඇතුලු පිරිසක්ද සහභාගී වූහ.

Post a Comment

0 Comments