මේ තමයි ලංකාවේ ඉන්න හොඳම 11. නමුත් ලෝකේ හොඳම 11 නෙවෙයි. බැරි දේවල් ඉල්ලන්න එපා..- මහේල

 



මෙවර ලෝක කුසලාන තරගාවලියට සහභාගි වූයේ ශ්‍රී ලංකාවේ සිටින කුසලතා පිරි දක්ෂතම කණ්ඩායම බව ශ‍්‍රී ලංකා කණ්ඩායමේ පුහුණු උපදේශක මහේල ජයවර්ධන සඳහන් කරයි.

පසුගිය මාස දාසයක කාලය තුළ ඔවුන් ඉදිරියට පැමිණි ආකාරය දැකිය හැකි බවද හෙතෙම පැවසීය.

අද කොළඹ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ පැවැති මාධ්‍ය හමුවකදී ඔහු මෙම අදහස් පළ කළේය.

ලෝක කුසලාන තරගාවලිය අතරතුර අවාසනාවන්ත ලෙස ක්‍රීඩකයන් වැඩිපුර පිරිසක් ආබාධයට ලක්වීම තරගාවලියට දැඩි ලෙස බලපෑ බව ද ඔහු පැවසීය.

කෙසේ වෙතත් ක්‍රීඩකයන් උපරිම කැපවීමෙන් පුහුණුවීම් කටයුතු වල යෙදී තරගාවලියට මුහුණ දුන් බවත් ඔහු එහිදී සදහන් කලේය.

‘මේ තමයි ලංකාවේ ඉන්න හොඳම 11. හැබැයි ඒ 11 ලෝකේ හොඳ ක්‍රීඩකයින් නෙවෙයි.  ෆෑන්ස්ලා වුණත් බලාපොරොත්තු තියා ගද්දි යථාර්ථවාදී වෙන්න ඕනා. මම හිතුවෙත් හයට හතට එයි කියලා’

Post a Comment

0 Comments