ආණ්ඩුවේ බංකොලොත් ආර්ථික ප්‍රතිපත්තිය හේතුවෙන් කර්මාන්ත ශාලා 200 කට වැඩි ගණනක් වසාදමා ඇති බවත්,ඒවායේ සේවයේ නියුතුව සිටි කම්කරුවන් 384,000 කට හා සේවා අංශයේ නියුතු 137,699 කට රැකියා අහිමිවී ඇති බව නිදහස් වෙළෙඳ කළාප හා පොදු සේවා සංගමය නිකුත් කර ඇති නිවේදනයක සඳහන් වේ.රජයේ ජන හා සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුව විසින් නිකුත් කර ඇති නවතම වාර්තාවකින් මේ බව සනාථ කර තිබෙන බවද මේ නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වී ඇත .නිල නොවන වාර්තා සඳහන් කරන්නේ රැකියා අහිමි වූ කම්කරුවන්ගේ සැබෑ ගණන මෙයට වඩා බෙහෙවින් වැඩි බවයි.මීට අමතරව ඉදිකිරීම් කර්මාන්ත අංශයේ හා අසංවිධිත අංශයේ රැකියා අහිමි වී ඇති ප්‍රමාණය ඉහත සංඛ්‍යා දත්ත වලට ඇතුළත් නොවේ.
එසේම මෙවර අයවැයෙන් පෞද්ගලික අංශයේ මිලියන 5 කට අධික කම්කරුවන්ට කිසිම සහනයක් ලබාදී නොමැති අතර ඔවුන් කබලෙන් ලිපට ඇද දමා ඇත...

0 Comments