මෙරට සුළු හා මධ්‍ය පරිමාණ ඇඟලුම් කර්මාන්ත ශාලා වලින් අඩක් දැනටමත් වසා දමා ඇතැයි නිදහස් වෙළඳ කලාප ආයෝජකයන්ගේ සම්මේලනය සඳහන් කරයි.
එහි ප්‍රධාන ලේකම් ධම්මික ප්‍රනාන්දු මහතා පෙන්වා දෙන්නේ මෙරටට ලැබෙන ලැබෙන ඇඟලුම් ඇනවුම් ප්‍රමාණය අඩුවීම හා නිෂ්පාදන පිරිවැය ඉහළ යාම හේතුවෙන් මෙම තත්ත්වය උදාවී ඇති බවයි.
දැනට ඇඟලුම් ක්ෂේත්‍රයේ ආදායම සියයට 25 කින් පමණ අඩු වී ඇති බවද පවසන ඔහු ඒ හේතුවෙන් ආයෝජකයන් වෙනත් රටවල ආයෝජනය කිරීමට කටයුතු කරමින් සිටින බවද කියා සිටියේය.
දැනටමත් මහා පරිමාණ ආයතන දහයක් පමණ වන්දි ලබාදී සේවකයන් ඉවත් කර ඇති බවත් ඇතැම් ආයතන විසින් කර්මාන්ත ශාලාවන්හි නිෂ්පාදන සිදු නොවුණත් තම තැන්පතු මගින් සේවකයන්ට පූර්ණ හෝ අර්ධ වැටුපක් ලබා දී නිවෙස්වල රඳවා ඇති බවත් ඔහු පවසයි.
බොහෝදුරට එළඹෙන දෙසැම්බරයෙන් පසුව මහා පරිමාණ කර්මාන්ත ශාලා සියයට විස්සක් පමණ මාස තුනක පමණ කාලයක් දක්වා වසා තැබීමට තීරණය කරනු ඇති බවද හෙතෙම තවදුරටත් කියා සිටියේය.

0 Comments