87-89 සිදුවුණු අඩුපාඩුකම් අපි පිළිගන්නවා.... අනුර කුමාර කියයි!

 


අපි නොබියව අතීතයේ සිදුවූ අඩුපාඩුකම් පිළිගන්න ලැහැස්ති බවත් මීට ප්‍රථමද 87-89 සිදුවූ අඩුපාඩුකම් අනේක වාරයක් අපි පිළිගෙන තිබෙන බව 34 වන ඉල්මහ සමරුවේදී අනුර කුමාර දිසානායක පැවසීය .

මෑත දශක දෙක පමණ කාලයේත් අපේ පක්ෂය දුෂ්කරම අවස්ථා ගතකලා.සමහර දේශපාලන උපක්‍රම අපට වැරදුනා.එම වැරදීම් දේශපාලනය තුල පමණක් රඳා පැවතුණේ නෑ .පක්ෂය තුළට කිඳා බැස්සා .2004 පමණ කාලයේ සමහර දේශපාලන උපක්‍රම වල වැරදීම් අපේ ව්‍යාපාරය තුළට කාන්දු වුනා.ඒ නිසා ව්‍යාපාරය තුල ඛණ්ඩනයන් ඇතිවුණා .2012 දී ද එවැනිම  ඛණ්ඩනයක් ඇතිවුණා .මේ තත්වයන් පක්ෂය අභ්‍යන්තරයේ පමණක් නොව සමාජ තලයේත් ප්‍රකාශ වෙන්න පටන් ගත්තා .ඒ නිසා පසුගිය මැතිවරණ වලදී 3% කට අඩුවීම නිසා අවලාද වලට සමච්චල්වලට හේතු වුනා.ඇතුලෙනුත් භාහිරෙනුත් එල්ලවුණු විශාල පීඩනයන් මැද ,ලැබෙන කුඩා හෝ අවස්ථා ජයග්‍රහණය සඳහා පෙරළා ගැනීමට ධෛර්යය ලැබුණේ මේ ව්‍යාපාරය තුල තිබෙන අධ්‍යාත්මයයි.අපේ වගකීම ජනතාවගේ බලාපොරොත්තු යථාර්ථයක් බවට පත්කිරීම යයි ඔහු වැඩිදුරටත් පැවසීය .

මේ පිළිබඳව අදහස් දැක්වූ වාමාංශික විද්වතකු පැවසුවේ අතීතයේ සිදුවූ වැරදීම් පිළිගැනීම සාධනීය ලක්ෂණයක් බවත්,ඉතිහාසයෙන් පාඩම් ඉගෙන ගෙන ජාතික ජන බලවේගය මීළඟට කළ යුත්තේ අධිරාජ්‍ය විරෝධී හාIMF නොවන සියලු බලවේග වැඩ පිළිවෙළක් උඩ එක්සත් කර එයට නායකත්වය සැපයීම  බවත් ,එය ඔවුන් වෙත මේ මොහොතේ පැවරී ඇති ⁣ඵෛතිහාසික වගකීම බවත්ය.

Post a Comment

0 Comments