ප්‍රජාතන්ත්‍රවාදී වාමාංශික පෙරමුණේ 9වන නියෝජිත සම්මේලනය...



 ප්‍රජාතන්ත්‍රවාදී වාමාංශික පෙරමුණේ 9වන නියෝජිත සම්මේලනය 2023 නොවැම්බර් මස 11 දින දවස පුරා පක්ෂයේ ප්‍රධාන ලේකම් ,හිටපු ජල සම්පාදන අමාත්‍ය ,රත්නපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී වාසු⁣දේව නානායක්කාර සහෝදරයාගේ ප්‍රධානත්වයෙන් කොළඹ මහජන පුස්තකාල ශ්‍රවණාගාරයේදී ඉතා උත්කර්ශවත් ලෙස  පැවැත්වීමට සියලු කටයුතු සූදානම් කර ඇති බව එම පක්ෂයේ උප ලේකම් සරත් රණසිංහ සහෝදරයා Lanka L News වෙත පැවසීය.

          ජාතික හා ජාත්‍යන්තර වශයෙන් සිදුවන දේශපාලන වර්ධනයන් පිළිබඳවත්,ඉදියේදී රටතුළ සිදුවිය හැකි දේශපාලන,සමාජ,ආර්ථික වෙනස්වීම් පෙර දැක ඒ අනුව ක්‍රියාත්මක වීම සඳහාත්,වඩාත් පූර්ණ දේශපාලන ඉදිරි දර්ශන යෝජනාවක් අනුමත කරගැනීමත් මෙම සමුළුවේ  ප්‍රධාන අපේක්ෂාව බවත් ඔහු පැවසීය.

එසේම සමුළුව ආරම්භයේදී "IMF වට්ටෝරුවට විකල්ප ආර්ථික වැඩපිළිවෙළ කුමක්ද"යන මාතෘකාව ඔස්සේ ආර්ථික විද්‍යාව පිළිබඳ මහාචාර්යවරයකු වන සුමනසිරි ලියනගේ සහෝදරයා විසින් ආරාධිත දේශණය පවත්වන බවත්,පක්ෂය වෙනුවෙන් දිවිදුන්,මුළු ජීවිත කාලයම පක්ෂ ප්‍රතිපත්ති වෙනුවෙන් පෙනී සිට මියගිය ,හා පොදුවේ වමේ ව්‍යාපාරය වෙනුවෙන් දිවිදුන් සහෝදර සහෝදරියන් සැමරීම සඳහාද කටයුතු සූදානම් කර ඇති බවද ඔහු වැඩිදුරටත් පැවසීය..

Post a Comment

0 Comments