පාර්ලිමේන්තු කාරක සභා ක්‍රමය හරහා රාජ්‍ය මූල්‍ය පරමාධිපත්‍යය ශක්තිමත් කිරීම සහ එය කෙටි – මධ්‍ය කාලීන අනාගතයේ අයවැය කළමනාකරණය කෙරෙහි ඇති කරන බලපෑම සම්බන්ධයෙන් වූ සම්මන්ත්‍රණයක් වෝටර්ස් එජ් හෝටල් පරිශ්‍රයේ දී පැවැත්විණ.
පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා සහ එක්සත් ජනරජ පෙරමුණේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා විසින් මෙහි මූලික දේශන පවත්වන ලද අතර, පාඨලී චම්පික රණවක මහතාගේ දේශණයේ පහත සඳහන් මූලික කරුණු අන්තර්ගත විය.
• 2022 අප්‍රේල් 12 වෙනිදා ශ්‍රී ලංකාව බංකොලොත් රාජ්‍යයක් බවට ප්‍රකාශයට පත් කිරීම සහ ඊට බලපෑ දේශපාලන, ආර්ථික සහ සමාජීය පරිසරය, ජන ජීවිතයට ඉන් ඇති වූ බලපෑම
• ‘ආලාපාළු ආර්ථිකය; මෙගා ඩීල් ද? නවෝත්පාදනයද?’ නම් කෘතිය, 2016 ජූනි 20 වෙනි දින පල කරන ලද ‘ප්‍රවේශමෙන්! මූල්‍ය අගාධයක් ඉදිරියෙනි.’ යන කෘතිය සහ 2016 ඔක්තෝබර් 7 වෙනිදා ණය තිරසරකරණය සම්බන්ධයෙන් කැබිනට් මණ්ඩලය වෙත ඉදිරිපත් කරන ලද ‘Proposals to move forwards active debt management’ නම් වූ කැබිනට් පත්‍රිකාව යනාදී ලේඛණ මගින් පාඨලී චම්පික රණවක මහතා ලංකාවේ ඉදිරි ආර්ථික අර්බුදය සම්බන්ධයෙන් අනතුරු අඟවා ඊට විසඳුම් ඉදිරිපත් කළ අයුරු
• ආර්ථික අර්බුදය උත්සන්න වීමෙන් අනතුරුව, හිටපු ජනාධිපතිවරයා මහජන අරගලයකින් බලයෙන් පහ කෙරුණු අතර, ඊළඟට නව ජනාධිපතිවරයා බලයට පත් වීමෙන් පසු පාර්ලිමේන්තුව විසින් ජාතික සභාව නම් නව පුළුල් පාර්ලිමේන්තු කමිටුවක් 2022 ඔක්තෝබර් මාසයේ දී පිහිටුවන ලදී. ඒ යටතේ අනුකමිටු කිහිපයක් පිහිට වූ අතර, ඉන් එකක් වූයේ පාඨලී චම්පික රණවක මහතාගේ ප්‍රධානත්වයෙන් යුත් “ආර්ථික ස්ථායීකරණය සඳහා වූ පාර්ලිමේන්තු අනු කමිටුව” ය. ක්ෂේත්‍ර ගණනාවක විද්වතුන්, ප්‍රවීණයන් සහ මහජන අදහස් සහ ප්‍රායෝගික යෝජනා සහිතව එම කමිටුව මගින් කමිටු වාර්තා 2 ක් නිකුත් කොට කෙටි සහ මධ්‍ය කාලීනව ආර්ථික ස්ථායීකරණය සඳහා සිදු කළ යුතු වෙනස්කම් ප්‍රකාශයට පත් කළ අයුරු
• 2023 මාර්තු 23 වෙනිදා පාර්ලිමේන්තුවේ ක්‍රම සහ විධි කාරක සභාව පිහිටුවන ලද අතර, නිතරගයෙන් එහි සභාපතීත්වයට පත් වූයේ පාඨලී චම්පික රණවක මහතා ය. සමස්තයක් ලෙස එම කාරක සභාවේ කාර්‍යභාරය අතරට දේශීය ආදායම් දෙපාර්තමේන්තුව, රේගු දෙපාර්තමේන්තුව සහ සුරාබදු දෙපාර්තමේන්තුව යන රාජ්‍ය ආදායම එකතු කරන ප්‍රධාන ආයතන තුන අධීක්ෂණය කිරීම හා ඒ සම්බන්ධ වෙනස්කම් සඳහා උපදෙස් සහ නියෝග නිකුත් කිරීම ද ඇතුලත් වන අතර, ක්‍රම සහ විධි කාරක සභාව මගින් නියෝග/උපදෙස් සහ යෝජනා මගින් ඉදිරිපත් කරන ලද පළමු වාර්තාවේ පැවැති කරුණු රැසක් 2024 අයවැය යෝජනා සඳහා ද එක් කර ගෙන ඇති අයුරු
• එම ආයතන තුනේ ආදායම් ඉලක්ක සපුරා ගැනීම සඳහා ක්‍රම සහ විධි කාරක සභාව මගින් දැවන්ත දායකත්වයක් දක්වා ඇති අතර, කෝපා කමිටුව මගින් ද, දක්වා ඇති පරිදි ක්‍රමවත් මූල්‍ය රෙජිස්ටරයක් පවත්වා ගැනීමේ අවශ්‍යතාව මෙහිදී අවධාරණය කෙරිණ.
• දේශීය ආදායම් දෙපාර්තමේන්තුවට අදාළ බදු ගෙවීමේ ක්‍රියාවලිය විධිමත් කිරීම සඳහා වන වැඩපිළිවෙල සහ හිඟ බදු අය කර ගැනීමේ ක්‍රියාවලියේ පවතින අඩුපාඩු සහ ඒවා අවම කරගැනීම සඳහා ක්‍රම සහ විධි කාරක සභාව දායක වන අයුරු
• ශ්‍රී ලංකා රේගුවට අදාළ නීති විරෝධී භාණ්ඩ ආනයනය කිරීම්, Mis invoicing, රත්‍රන් ආනයනය කිරීමේ ක්‍රියාවලියේ සිදු කෙරෙන ජාවාරම් සම්බන්ධයෙන් වන දඩ අයකිරීම් සඳහා ක්‍රම සහ විධි කාරක සභාව විසින් ලබා දෙන නියෝග ක්‍රියාත්මක කිරීම හේතුවෙන් නීති විරෝධී ආනයන සීමා වී, දඩ මුදල් ආදායම ද සැළකිය යුතු අයුරින් ඉහළ ගොස් ඇති ආකාරය
• සුරාබදු දෙපාර්තමේන්තුවට අදාළ ව මත්පැන් බෝතල්වල ව්‍යාජ ස්ටිකර් සහ ව්‍යාජ මත්පැන් අලෙවි කරන ස්ථාන වැටලීම සඳහා ක්‍රම සහ විධි කාරක සභාව ලබා දුන් විධාන ප්‍රකාරව වැටලීම් සාර්ථකව ක්‍රියාත්මක වූ අතර, එමගින් අදාළ ස්ථාන රැසක ක්‍රියාවලීන් නැවැත්වීමට ද හැකියාව ලැබිණ. හිඟ සුරා බදු වසර ගණනාවක් නොගෙවා පැහැර හැර තිබෙන සමාගම්වල අලෙවි බලපත්‍රය අහෝසි කිරීම සඳහා ලබා දුන් නියෝගයෙන් පසු ක්‍රමානුකූලව ජනවාරි මාසයේ සිට සැප්තැම්බර් මාසය දක්වා සුරා බදු ආදායම සැළකිය යුතු ආකාරයෙන් ඉහළ ගොස් ඇති අයුරු
• බදු එකතු කිරීමේ ක්‍රියාවලිය සඳහා වෙනම හඳුනාගැනීමේ අංකයක් (Unique ID) එකක් සහ Block Chain තාක්ෂණය යොදාගන්නා ආකාරය ද මෙහිදී පාඨලී චම්පික රණවක මහතා විසින් පෙන්වා දුන්නේය.
• ආදායම් බදු එකතු කිරීමේදී Unique ID සහ blockchain ඒකාබද්ධ කිරීම සඳහා උපායමාර්ගික ප්‍රවේශයක්, රාජ්‍ය ආයතන අතර සහයෝගීතාවයක් සහ තාක්ෂණික, නෛතික සහ පෞද්ගලිකත්ව අංගයන් හොඳින් සලකා බැලීම අවශ්‍ය වන බවත්, බදු එකතු කිරීමේ ක්‍රියාවලියේ කාර්යක්ෂමතාව, නිරවද්‍යතාවය සහ විනිවිදභාවය සහතික කිරීම සඳහා විවිධ රාජ්‍ය ආයතනවල කාර්යභාරය ඉතා වැදගත් වන බවත් පාඨලී චම්පික රණවක මහතා අවධාරණය කළේය.
මීට අමතරව, පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය චරිත හේරත්, ආචාර්ය නිශාන් ද මෙල් යන මහත්වරු ද මෙහිදී අදහස් දැක්වීය.

0 Comments