මුලතිව් පුදුකුඩිඉරිප්පු ප්‍රදේශයේදී නිවසකට අකුණුසැර වැදීමක් හේතුවෙන් නිවසේ සිටි එකම පවුලේ සොහොයුරන් තිදෙනෙකු බරපතල තත්වයෙන් රෝහල්ගත කොට ඇතැයි පුදුකුඩිඉරිප්පු පොලීසිය පවසයි.
අදාල නිවසේ මව හා පියා නොමැති අවස්ථාවක ඇදහැලුනු ධාරාණිපාත වර්ෂාවත් සමග මෙලෙස අකුණුසැර නිවසට වැදී ඇති අතර එම අවස්ථාවේදී නිවසේ සිටි මෙම සොහොයුරන් තිදෙනාට අකුණුසැර වැදී ඇත.
එහිදී අකුණුසැර වැදීමෙන් නිවසේ තිබූ විදුලිඋපකරණවලටද හානි සිදුව ඇති අතර අකුණුසැර වැදීමෙන් පසුව මෙම සොයුරන් තිදෙනා කෑගැසීමෙන් අසල්වැසියන් විසින් එම අවස්ථාවේදීම පුදුකුඩිඉරිප්පු රෝහලට රැගෙන ගොස් ඇත.
මෙලෙස අකුණුසැර වැදීමෙන් රෝහල්ගත කොට ඇත්තේ පුදුකුඩිඉරිප්පු උදයාර්කට්ටු ප්‍රදේශයේ පදිංචි අවුරුදු 26,19 සහ 16 යන වයස්හි පසු වූ සොහොයුරියක් හා සොයුරන් දෙදෙනෙකුට බවටද පරික්ෂණ සිදුකරන පුදුකුඩිඉරිප්පු පොලීසිය වැඩිදුරටත් පැවසීය.
0 Comments