ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සිදුව ඇතැයි කියන බරපතල අක්‍රමිකතා සොයා බැලීම සඳහා කෝප් කමිටුව ඉදිරියට කැඳවූ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපති ඇතුළු පිරිසගෙන් කරුණු විමසීමේදී කෝප් කමිටුවේ සභාපති රංජිත් බණ්ඩාරගෙ පුතා වන කණිෂ්ක බණ්ඩාරට කෝප් කමිටුවේ ඉඳගෙන සිටීමට ඇති අයිතිය මොකක්ද ?මොන පදනමක් මතද ඔහු කෝප් එකේ වාඩිවී සිටින්නේ කියා තමා විමසන බවත්,රංජිත් බණ්ඩාරට කෝප් කමිටුවේ සභාපති ලෙස කටයුතු කිරීමට කිසිදු සදාචාරාත්මක අයිතියක් නැති බවත් විපක්ෂ නායකතුමා අද පාර්ලිමේන්තුවේදී පැවසීය .
එසේම රංජිත් බණ්ඩාර ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ උපදේශකවරයකු ලෙසද කටයුතු කරන බවත් ,ඒ අනුව ළබැඳියාවන් අතර ගැටුමක් තිබෙන විට කොහොමද කෝප් එකේ සභාපතිවෙලා ඉන්නේ කියා තමා කථානායකගෙන් විමසන බවත් පැවසීය .
මෙහිදී කථානායකතුමා පැවසුවේ පිටස්තර කෙනෙකුට කෝප් කමිටුවේ ඉඳගන්න අයිතියක් නැති බවත් ,අනෙක් කරුණු ගැන සොයාබලා කරුණු ඉදිරිපත් කරන බවයි.
0 Comments