ඉදිරි ජනාධිපතිවරණයේ දී උත්තර ලංකා සභාගය සිය ප්‍රතිපත්ති ජයග්‍රහණය කරවීම වෙනුවෙන් ගතහැකි නිවැරැදිම පියවර ගන්නා බව,එහි සභාපති විමල් වීරවංශ මහතා පැවසීය .ඔහු මේ බව ප්‍රකාශ කළේ විදුලි බිල,බදුබර වැඩිකිරීමට,ජාතික සම්පත් විකිණීමට එරෙහිව නොවැ.11 කොළඹ සම්බුද්ධ ජයන්ති මන්දිරයේ පැවති රැස්වීකදීය.
තවදුරටත් අදහස් දැක්වූ ඔහු මේ රටේ මේ පරාධීන,මේ රට ගැන තැකීමක් ,හැඟීමක් ,දැනීමක් නැති මේ පාලකයන්ගෙන් බලාපොරොත්තු විය හැක්කේ මේ රට අද මුහුණ දී සිටින මේ බිහිසුණු ඉරනම පමණක් බවත්,මේ නිසා අපි සාම්ප්‍රදායික මොඩලය පැත්තකට විසිකරල මේ පොළොව ඉල්ලන විදියෙ සැබෑ ප්‍රතිපත්තියක් ,සැබෑ වැඩපිළිවෙළක් හා සැබෑ නායකත්වයක් ඇතුව මේ තීරණාත්මක කඩඉම පසුකළ යුතු බවත් පැවසීය.
0 Comments