ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සලය විසින් මෙරටට පැනවූ ක්‍රිකට් තහනම ඉවත්කර ගැනීමට පාර්ලිමේන්තුව තුළ මෙන්ම ඉන් පිටතදීත් ගතහැකි සියලුම ක්‍රියාමාර්ග ගන්නා බව ආණ්ඩු පක්ෂ ප්‍රධාන සංවිධායක,නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පවසයි.
අමාත්‍යවරයා අවධාරණය කරන්නේ මෙරටට පැනවූ ක්‍රිකට් තහනම ඉවත්කරවා ගැනීමට ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සලය සමඟ සාකච්ඡා කිරීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රමුඛ රජය කටයුතු කරමින් සිටින බවයි.
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය අන්ත දූෂිත ආයතනයක් බව මෙරට සෑම පුරවැසියකුම පිළිගන්නා කරුණකි.
එබැවින් ජාතික ප්‍රශ්නයක් සේ සලකා පාර්ලිමේන්තුවේ පක්ෂ විපක්ෂ සියලුම දෙනා එකතුව එකතුව යෝජනාවක් සම්මත කරගත්තේ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ දූෂණය පිටුදැකීමේ අරමුණින් බවද අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා සදහන් කරයි.
එය කිසිසේත්ම දේශපාලන අත පෙවීමක් නොවන බවද ඔහු සඳහන් කරයි.
ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සලය විසින් මෙරටට ක්‍රිකට් තහනමක් පැනවූයේ ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපති ශම්මි ද සිල්වාගේ ඉල්ලීමට බව ක්‍රික් ඉන්ෆෝ වෙබ් අඩවිය ඇතුළු ජාත්‍යන්තර මාධ්‍ය රැසක් මේ වනවිට වාර්තා කර තිබේ.
ශ්‍රී ලංකා ක්‍රිකට් යනු මෙරට ජනතාවගේ පොදු දේපළක් මිස ඔහුගේ පුද්ගලික බූදලයක් නොවේ. ඔහු මෙවැනි ඉල්ලීමක් කර ඇත්නම් එය රට පාවාදීමකි.ඊට එරෙහිව විෂය භාර අමාත්‍යවරයා විසින් වහා නීතිමය ක්‍රියාමාර්ග ගත යුතුය.
අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පවසන්නේ දූෂිත පාලක මණ්ඩලයේ මේ බලවියරුවට එරෙහිව ක්‍රිකට් ප්‍රේමී සියලුම දෙනා එකට එක්ව කටයුතු කළ යුතු බවයි.
මෙරට පාසල් දස දහසක පමණ දුවා දරුවන් ක්‍රිකට් ක්‍රීඩාවේ නිරත වේ. එම දරුවන්ගේ මෙන්ම සෑම පුරවැසියකුගේම බළාපොරොත්තුව මෙරටට නැවත ක්‍රිකට් අයිතිවාසිකම ලබා ගැනීමයි. රජය ඒ වෙනුවෙන් නිරන්තරයෙන්ම කැපවී කටයුතු කරන බවද අමාත්‍යවරයා පවසයි.


0 Comments