තැපැල් ඒකාබද්ධ පෙරමුණ විසින් අද හා හෙට දින සියළු තැපැල් කාර්යාලවල සංකේත වැඩ වර්ජනයක් පැවැත්වීම හේතුවෙන් තැපැල් කටයුතුවලට බාධා සිදු වී තිබේ.
තැපැල් දෙපාර්තමේන්තුව සම්පත් පෞද්ගලීකරණයට එරෙහිව මෙම සංකේත වර්ජනය පැවැත්වෙයි.
කෙසේ වෙතත් දිවයින පුරා කිසිදු තැපැල් ස්ථානයක් වර්ජනය හේතුවෙන්
වසා නොදමන බවත් වෘත්තීය සංගම් කියයි.
මේ අතර සියලු තැපැල් සේවක නිවාඩු තෙදිනකට අවලංගු කිරීමට තැපැල් දෙපාර්තමේන්තුව පියවර ගෙන තිබේ.
නුවරඑලිය සහ මහනුවර යන ප්‍රධාන තැපැල් කාර්යාල හෝටල් බවට පත් කිරිමට රජය විසින් මේ වන විට තිරණය කර ඇත.
0 Comments