විකුණන ලැයිස්තුවේ සෙවනගල තියෙනවා.. ගජ මිතුරන්ට දෙන්න යනවලු..- දිළුම්

 

ආයෝජන ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම මහතා සෙවනගල සීනි සමාගමේ නිෂ්පාදන කටයුතු පිළිබදව සොයාබැලීම සදහා 07 දා නිරීක්ෂණ චාරිකාවේ යෙදිණි.

මෙම අවස්ථාව සදහා සෙවනගල සීනි සමාගමේ සභාපති මේජර් ජෙනරාල් සාරද සමරකෝන්, එහි විධායක අධ්‍යක්ෂ ගාමිණී රාසපුත්‍ර ඇතුලු පිරිසත් සහභාගී විය.

මෙහිදී නිරීක්ෂණ චාරිකාවෙන් අනතුරු රැස්ව සිටි සෙවනගල සීනි ආයතනයේ පිරිස අමතමින් අමාත්‍යවරයා කියා සිටියේ,

මේ වන විට ප්‍රතිව්‍යුහගත කිරීමේ නාමලේඛනයේ සෙවනගල සීනි සමාගම ඇති බවත් මෙම ආයතනය ලාබ ලබන ආයතනයක් බැවින් කිසිසේත් විකිනීමට අවස්ථාව ලබා නොදෙන බවද කීය.

මෙහිදී සජිත් පේමදාස මහතා සෙවනගල සම්බන්ධයෙන් කරන ලද ප්‍රකාශයකටද පිළිතුරු ලබාදෙන ලදී.

ගොවීන් විසින් සෙවනගල සීනි ආයතනය විකුණනවාද යන ප්‍රශ්නයට පිළිතුරු දෙමින් නැවතත් අමාත්‍යවරයා කියා සිටියේ කිසිසේත්ම ලාබ ලබන සෙවනගල තමන්ගේ කාලයේදී විකිනීමට ඉඩ නොතබන බවත්, මොණරාගල දිස්ත්‍රික්කයේ වේලිඔය ප්‍රදේශයේ ඉදිකිරීමට නියමිතව තිබූ නව සීනි කම්හලද ඉදිරිමට තමන් බලාපොරොත්තු වන බවද කීය.

සජිත් කියනවා නියම බඩුවකට මේක දීල තියෙන්නේ මේක විකුණලා දායි කියල. ඉතාම වගකීමෙන් කියන්නේ, මගේ අමාත්‍යංශයේ තියෙන කිසිම ලාබ ලබන කිසිදු අමාත්‍යාංශයක් මම විකුනන්නේ නැහැ. විකුණන ලැයිස්තුවේ සෙවනගල තියෙනවා. ඒක කොහොම ආවද කියල මම දන්නේ නැහැ. මම මේක විකුනන්නේ නැහැ. ගජ මිතුරන්ට දෙන්න යනව කියනවා. ගජ මිතුරන් මේක ගන්නේ නැහැ. ඒ අය සල්ලි ටිකක් ඉල්ලල තියෙනව. අපි ඒත ලබල දෙනව. යයි අමාත්‍යවරයා කීය.

මේ ඇමතිකම් දෙනකොට අපිට ඕන දේ දෙන්නෙත් නැහැ. ඕන එක ගන්නත් බැහැ. අපිට දුන්න රාජකාරිය අපි කරන්න ඕන.

ජානක වක්කුඹුර අමාත්‍යවරයාගේ සහ රමේස් පතිරණ අමාත්‍ය වරුන්ගේ පිළිරුවක් හදල මල්මාලා දාන්න ඕන ඒ අය තමයි මේ සෙවනගල මේතත්වයට ගත්තේ යයි කීය.

Post a Comment

0 Comments