ක‍්‍රිකට් හොර ගුහාව ගැන ප‍්‍රසන්න හෙලි කරයි.. කරන්න යන දේ ගැනත් කියයි..

 

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ සහ පරිපාලනයේ ඇතිවී තිබෙන අර්බුදකාරී තත්ත්වය සම්බන්ධයෙන් අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා අදහස් පළ කරයි.

කොළඹ පැවැති උත්සවයකින් පසු මාධ්‍ය වෙත ඔහු මෙම අදහස් පළ කළේය.

දිනුම් පැරදුම් අපි භාර ගන්න ඕනේ. ක්‍රිඩකයෝ හැටියට ජයග්‍රහණයේදී ඒ ගෞවරය ගන්නත්, පරාජයේදී ඒක විචේනය කරන්නත් නෙමෙයි. ක්‍රිඩකයෝ කවුරුත් නෑ පරදින්න.

නමුත් මම අදටත් විශ්වාස කරනවා දේශපාලන මති මතාරන්තර තිබ්බත් අරජුන රණතුංග මීට අවුරුදු ගාණකට කලින් කියපු දේවල් මම දන්නවා. අවුරුදු ගාණක් යද්දි මේ රටේ ක්‍රිකට් මේ තත්ත්වයට වැටෙනවා. ගොඩ ගන්න බැරි වෙනවා කියලා එතුමා කිව්වා. එතුමා කියපු දේවල් අද ඇත්ත වෙලා තියෙනවා. ක්‍රිකට් වල පරිපාලනය විතරක් නෙමෙයි සල්ලි වලට යට වෙච්ච ක්‍රිකට් එක එතනින් අයින් කර ගන්න කටයුතු කරන්න ඕනේ. ක්‍රීඩා ඇමතිතුමා හොඳ දෙයක් කරයි කියලා රටේ මිනිස්සුන්ගේ බලාපොරොත්තු ඉටු කරන්න. එතුමා හොද තීන්දු තීරණ ගනී කියලා මම බලාපොරොත්තු වෙනවා.

ප්‍රශ්නය – ක්‍රීඩා ඇමතිතුමා කියලා තියෙනවා දැඩි තීන්දු තීරණ ගන්න කලින් ක්‍රිකට් පාලක මණ්ඩලයට ඉවත් වෙන්න කියලා. ඉවත් වෙලා නෑ.

පිළිතුර – ක්‍රිකට් පාලක මණ්ඩලය ඉවත් වෙන්න ඕනේ. ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය කොන්දේසි තියෙනවා අතුරු පාලක මණ්ඩලයට දාන්න බෑ කියලා. අරජුන රණතුංග මහත්තයා කියනවා වගේ ක්‍රිකට් මැතිවරණයක් තිබ්බත් ජයග්‍රහණය කරන්නේ බුකිකාරයෝ, සූදු කාරයෝ සල්ලි වියදම් කරන මිනිස්සු විතරයි. ක්‍රිකට් වලට ආදරේ කරන මිනිස්සු නෙමෙයි. ඒකට රටේ මිනිස්සුත් හැදෙනවා.

ප්‍රශ්නය – අරජුන රණතුංග මැතිතුමා කිව්වා වගේ ඔබතුමත් පිළිගන්නවා මෙකේ සල්ලි ගසා කෑමක් වගේ සිදු වෙනවා කියලා.

පිළිතුර – මමත් අවුරුදු ගාණක් හිටියා ක්‍රිකට් පාලක මණ්ඩලයේ.  මම දන්නවා ඒකේ වෙන දූෂණ.

ප්‍රශ්නය –  ඒවා නැවතෙන්නේ නැත්තේ ඇයි ඇමතිතුමා?

පිළිතුර – මම දන්නවා ඒ සම්බන්ධයෙන් ක්‍රිඩා ඇමතිතුමා හොද තීන්දු තීරණ ටිකක් අරගෙන ඒ සඳහා කටයුතු කරනවා කියලා. ඒකට හැමෝම උදව් කරයි කියලා. ඒක එහෙම කළා කියලා අවුරුද්දකින් ප්‍රතිඵල අපිට බලාපොරොත්තු වෙන්නත් බෑ. අපි ක්‍රිකට් දියුණු කරන්න නම් හැමදාම අරජුන රණතුංග මැතිතුමා නායකයා වී සිටි කාලයේ ක්‍රිකට් තරගාවලි තියෙනකොට ගාල්ල මාතර, යාපනයේ, යනවා දක්ෂ ක්‍රීඩකයෝ හොයාගෙන. ඒ අය කොළඹට ගෙනල්ලා නේවාසික පහසුකම් තිබුණේ නෑ. එතුමාගේ ගෙදර ක්‍රිඩකයෝ ඔක්කොම තියාගෙන ඒ අයව ක්ලබ් වලට සම්බන්ධ කළා. ඒ ක්‍රීඩකයෝ හැදුනේ එහෙමයි. අද ක්‍රීඩකයෝ හොයන එකක් නෑ. ක්‍රිඩකයෝ ඒ මැච් එකක් ගහලා එදා වේල ටුවර් යන එකක් තියෙන්නේ.

කණ්ඩායම් හැගීමකින්, තමාගේ පෞද්ගලික ජයග්‍රහන වෙනුවට කණ්ඩායමක් ලෙස තරග කලොත් තරග දිනන්න පුළුවන්. ඒ වගේම කැප කිරීමක් කරන්න පුළුවන් කණ්ඩායමක් අවොත් අපිට ක්‍රිකට් වල අනාගතයක් දකින්න පුළුවන්.

Post a Comment

0 Comments