අතිශයින් දුර්වල ආර්ථික කළමනාකරණයේ අනිටු විපාක මේ වනවිට අපි අත්විඳිමින් සිටින්නෙමු .
පාර්ලිමේන්තුව සිය වගකීම් පැහැර හැර ඇති බව කණගාටුවෙන් වුවද පිළිගත යුතුය .
අද වනවිට රාජ්‍ය මූල්‍ය කළමනාකරණය ඉබාගාතේ ගොස් රට නන්නත්තාර වී ඇත .මෙරටට කිසිසේත් යෝග්‍ය නොවන අසීමිත බලතල සහිත විධායක ජනාධිපති ධූරයේ අඳුරු සෙවණැල්ල රට පුරා විහිදී ඇත .නියෝජිත ප්‍රජාතන්ත්‍රවාදය තුළින් අපේක්ෂා කරන අභිමතාර්ථ ඉටුකර ගැනීමට අපොහොසත් වී ඇත .රාජ්‍ය මුදල් අවභාවිතය, දූෂණය, නාස්තිය විසින් රට අකර්මණ්‍ය කරනු ලැබ ඇත .ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ හිටපු ප්‍රධාන පර්යේෂණ නිළධාරී ජී.කුමානායක මහතා මෙම අදහස් ලංකාදීප පුවත්පතට පවසා තිබුණි .

0 Comments