රනිල්ගෙ මේ අයවැය නව ලිබරල්වාදී උවමනාවන් ඉටුකරන අයවැයක්...... විජිත හේරත් කියයි ..





 මේ ඉදිරිපත් කරල තියෙන අයවැය රනිල් 2002දී රීගේනින් ශ්‍රී ලංකා නමින් ඉදිරිපත් කරපු අයවැයම තමයි.මේක නව ලිබරල්වාදී උවමනාවන් ඉටුකරන අයවැයක්.පොහොට්ටුවෙ අය තමන් පත් කළ ජනාධිපති කියල කොච්චර උදම් ඇනුවත්,රනිල් තමන්ගෙ ජානවල තියෙන ,සුපුරුදු අයවැයක් තමයි මේ ඉදිරිපත් කරල තියෙන්නේ .මේකෙ හරය මේ රටේ ජනතාවගෙ දරුවන්ගේ අනාගතය විකුණන ,යළි පුබුදමු ශ්‍රී ලංකා නැමැති රට විකුණන වැඩ සටහනම තමයි මේ. විකිණිල්ලයි,බදු ගැහිල්ලයි,ණයට ගැනිල්ලයි.ඔහු මේ බව සඳහන් කළේ අද පාර්ලිමේන්තුවේ පැවති අයවැය විවාදයේදීය.

2023 අයවැය ඉදිරිපත් කරමින් රනිල් කිව්වේ 2023නීල ආර්ථිකයක් කරනව කිව්ව .digital ආර්ථිකයක් කරනව කිව්ව .ඒවා එකක්වත් මහපොලොවෙ යථාර්ථයක් වුනේ නෑ.අද ඩිස්නිලන්තය පෙන්වල ජනතාව සෝමාලියාව⁣ට දක්කනව.මේ ක්‍රියාත්මක වෙන්නෙ IMF කොන්දේසි .අමු මහදවල් අපේ ලාභ ලබන ජාතික සම්පත් විකුණනවා .මහින්ද ලට ඕව නතර කරන්න බෑ.මේ විකිණිල්ල කොච්චර තිරස්චීනද කියනව නම් අපේ ජල සම්පත විකු

ණන්නත් කැබිනට් පත්‍රිකාවක් දාල.එදා ගොවි ජනතාවගෙ විරෝධය උඩ අකුල ගත්ත එක.ඉඩම් දේපළ,තැපැල් කන්තෝරුවත් විකුණනවා .නිමල් සිරිපාල චන්ඩි පාට් දානව විකුනන්න වෘත්තීය සමිති  ඉඩදෙන්නෙ නෑලු.විකුණන කොට තමයි එයාලට කොමිස් කුට්ටිය එන්නෙ .

          අනෙක මේ රට මේ ණය උගුලේ හිරකළේ රාජපක්ෂ පවුල විතරක්  නෙමෙයි .රනිල්ටත් මේකෙන් නිදහස් වෙන්න බෑ.මහ බැංකු කොල්ලයෙන් රනිල් නිදහස් වෙලාද?රනිල් අගමැතිකම් දැරුව,ඇමතිකම් දැරුව,අවුරුදු 40 ගණනක් පාර්ලිමේන්තුවේ .ඒ අය සේරම කරපුව තමයි මේ පළදරන්නේ.අපේ රට ණය උගුලේ හිරකලා.සංචිත වැඩිවෙලා කියන්නෙ පට්ටපල් බොරු .රනිල් ට යාලුවො ඉන්නව කිව්වා .ඇමරිකාව ,ජපානය ,චීනය වගෙ.කෝ ඒ අය.අද වෙනතුරු එක ඩොලරයක් කපා හැරල නෑ.පොළී ගෙවන්න කාලය දික්කරල නෑ.                                       මේ අයවැයේ තිබෙන

බරපතලම කාරණය බදු ගැහිල්ල.ලබන වසරේ බදු ආදායම 47%කින් වැඩිකරන්න ඉලක්ක කරල.ලබන අවුරුද්දේ ලැබෙන ආදායම රුපියල් බිලියන 4127ක්ලු.එයින් 93% ක්ම බදු.බදු  ඉලක්ක මේ වසරෙත් සම්පූර්ණ කරල නෑ .ඒ අතරෙ VAT එක 15%සිට18%දක්වා වැඩිකරනව.එවිට සියලු භාණ්ඩ හා සේවා වල මිළ ඉහළ යනව.ඉල්ලුම අඩු වෙනව,රටේ සමස්ථ නිෂ්පාදන පිරිවැය  වැඩිවෙනව.නිෂ්පාදනය කඩා වැටෙනව කියන්නෙ නැවත රට බංකොලොත් වෙනව.වක්‍ර බදු වැඩි කරනව,ගජ මිතුරන්ගෙ බදු අයකරගන්නෙ නෑ .දේ .ආදායම් බදු දෙපාර්තමේන්තුව කියනව මේ වසරෙ කෝටි ලක්ෂයක්  බදු අයකර ගන්න තියෙනව කියල.ඒ නිසා ජනතාවගෙ රීරිමාංශ උරා බොන අයවැය ක් මේක.මේක බුදු දහමට එකඟ නෑ .මහබැංකුව කොල්ල කාපු මෙන්ඩිස් කොම්පැනි වලට සහන.උන්ගෙන් අයවිය යුතු මුදල කෝටි 679ක්.ඒ අතරෙ අහිංසකයන්ට බදු ෆයිල් දානව.ටින් එකක් දෙනව හොල්ල හොල්ල ඉන්න .ඔන්න රනිල් දෙන දායාදය.ඒ නිසා ජනතාව අන්දන්න එන්න එපා.ජනතාවට එරෙහි ජනතාව අඳුරට තල්ලු කරන  මේ අයවැය පරාජය කළ යුතුයි ..මේ අයවැය රනිල්ට එරෙහිව රනිල් අයවැයක්

Post a Comment

0 Comments