මහජනයා පීඩාවට පත්කරන අයවැයකට එරෙහිව නිසැකවම ඡන්දය දෙනවා......ඩලස් කියයි!



 විදුලිබිල ගෙවාගන්න බැරි මිනිස්සු ඉන්න රටක,කනව වෙනුවට ලෙවකන,හිඟාකන අහිංසක මිනිස්සුන් ඉන්න රටක,ඔවුන්ට  සහනයක් නැත්නම් පාර්ලිමේන්තුවෙන් එක සැරයක් නෙමේ දහ සැරයක් එලෙව්වත් අයවැයට විරුද්ධව ඡන්දය දෙනවා දෙනවාමයි. මාධ්‍ය වේදීන් අසන ලද ප්‍රශ්න වලට පිළිතුරු දෙමින් ඩලස් මහතා මෙම අදහස් පළ කරන ලදී. ජනතාව පීඩාවට පත්වෙච්ච වෙලාවක අයවැයෙන් තව තවත් ජනතාව පීඩාවට පත්කරනවා නම් එවැනි අයවැයකට එරෙහිව නිසැකවම ඡන්දය පාවිච්චි කරන බවත් ,එවැනි විටකදී මේ මන්ත්‍රීකම හූරල විසිකරන සංවර්ධන ලොතරැයි පතක් තරම් වත් වටින්නේ නැති බවත්,මන්ත්‍රීකමට ලෝභ කමින් මිනිස්සුන්ට එරෙහිව කිසි ලෙසකින් කටයුතු නොකරන බවත්,එලෙව්වත් ගෞරවණීය ලෙස ගෙදර යන බවත්, පැවසීය..

Post a Comment

0 Comments