දර්ශනීය උල්කාපාත වර්ෂාවක් අද රාත්‍රියේ…

 

දර්ශනීය උල්කාපාත වර්ෂාවක් අද (18) රාත්‍රියේ නිරීක්ෂණය කර හැකි බව ශ්‍රී ලංකා ග්‍රහලෝකාගාරයේ කථිකාචාර්ය ආචාර්ය ගීතාංජන වනිගසේකර මහතා පැවසීය.

මධ්‍යම රාත්‍රි 12.00 අළුයම 02.00ත් අතර උල්කාපාත වර්ෂාව පැහැදිලිවම නිරීක්ෂණය කර හැකිය.

එහිදී පැයකට උල්කා 50 අධික සංඛ්‍යාවක් නිරීක්ෂණය කිරීමට හැකි බව පැවසීය.

සිංහ තරු රටාව තුළින් එම උල්කා වර්ෂාව ආරම්භ වෙයි.

පැයකදී නැරඹිය හැකි විශාලතම උල්කාපාත වර්ෂාව ලබන මස 14 වනදා රාත්‍රියේ දිස්වන බව වැඩිදුරටත් පැවසීය.

Post a Comment

0 Comments