ටෙලිනාට්‍ය හා චිත්‍රපට කීපයකම සහාය නළුවකු ලෙස රංගනයේ යෙදුණු රංගන ශිල්පියෙකු ඇතුළු සංවිධානාත්මක ජාවාරම් කණ්ඩායමක් වලාන දූෂණ මර්ධන ප්‍රහාරක බලකාය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
ඔවුන් විසින් ව්‍යාජ වීසා බලපත්‍ර සකස් කර ඉතාලි රැකියා ලබා දෙන බව කියමින් රට වටා පුද්ගලයන්ගෙන් රුපියල් කෝටි ගණනක් මුදල් උපයා ඇති බවට ලැබී ඇති පැමිණිලි මත සිදුකල පරීක්ෂණ අනුව මොවුන් අත්අඩංගුවට ගෙන ඇත.
තිදෙනෙකුගෙන් සමන්විත මෙම කණ්ඩායමෙන් දෙදෙනකු කිරිබත්ගොඩදීත් රංගන ශිල්පියා පිටකොටුව ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගෙන ඇත.
මෙම රංගන ශිල්පියා ප‍්‍රධාන පෙළේ මාධ්‍ය නාලිකා කිහිපයකම රැකියාව කළ පුද්ගලයෙක් වන අතර එම නාලිකාවල මාධ්‍ය මාධ්‍ය හැඳුනුම්පත්ද ඔහු සතුව තිබී ඇත.
ඉතාලියේ රැකියා දෙන පවසමින් එක් පුද්ගලයකුගෙන් රුපියල් ලක්ෂ විස්සකට ආසන්න ද මුදල් ඔවුන් විසින් ලබාගෙන ඇතැයි හෙළි වී ඇත.
ප‍්‍රධාන සැකකරු ද වන මෙම රංගන ශිල්පියා තදින්ම කැසිනෝ ක්‍රීඩාවට ඇබ්බැහි වුවෙකු වන අතර ඇතැම් දිනවල රුපියල් කෝටියක පමණ මුදලක් ඔට්ටු තබමින් කැසිනෝ ක්‍රීඩාවෙහි නිරත වී ඇතැයි පොලිසිය සඳහන් කරයි.
0 Comments