දූපතකින් කේරල ගංජා තොගයක් හමුවේ..

 



රුපියල් මිලියන 30 කට අධික වටිනාකමින් යුත් කේරළ ගංජා කිලෝ 101 ග්‍රෑම් 750 ක් යාපනය කරෙයිනගර් දූපතේ සඟවා තිබියදී (20) සොයාගත් බවට නාවික හමුදාව පවසයි.

උතුරු නාවික විධානයේ නිලධාරීන් පිරිසක් විසින් කරෙයිනගර් දූපතේ මුහුදු වෙරල සීමාවේ සිදුකල සෝදිසි මුර සංචාරයකදී සැකකටයුතු පොහොර උර 3 ක් දැක එම පොහොර උර පරික්ෂා කිරීමේදී එහි තිබූ අදාල කේරල ගංජා නාවික හමුදා භාරයට ගනු ලැබීය.

සොයාගත් මෙම කේරලගංජා තොගය මුහුදු මාර්ගයෙන් ඉන්දියාවේ සිට යාපනයට රැගෙනවිත් පසුව වෙනත් ප්‍රදේශයකට ජවාරම් කරුවන් රැගෙන යාමේ අරමුණින් යුතුව මෙලෙස සඟවා තබන්නට ඇතැයි නාවික හමුදාව සැක පල කර සිටියි.

අත්අඩංගුවට ගත් කේරල ගංජා තොගය වැඩිදුර පරික්ෂණ කටයුතු සඳහා ලබාදෙන තෙක් නාවික හමුදා භාරයේම තැබීමට පියවර ගෙන ඇත.

Post a Comment

0 Comments