මීට වසරකට පෙර රටේ මිනිස්සු දුක් විඳිද්දි සංවේදී නොවුණ විපක්ෂය ක්‍රිකට් සම්බන්ධ ප්‍රශ්නයේදී සංවේදී වීම සම්බන්ධයෙන් සතුටු වෙනවා යැයි ආණ්ඩු පක්ෂ ප්‍රධාන සංවිධායක, අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පවසයි.
අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා අවධාරණය කරන්නේ විපක්ෂය මේ මොහොතේදී ක්‍රිකට් සම්බන්ධ ප්‍රශ්නයෙන් දේශපාලන වාසි ලබාගැනීමට උත්සාහ ගන්නා බවයි.
පාර්ලිමේන්තුව නියෝජ්‍ය කතානායක, අජිත් රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් අද (8) රැස්වීය.
එහිදී ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ මහතා ක්‍රිකට් පාලක මණ්ඩලයේ දූෂණ සම්බන්ධයෙන් කළ කතාවෙන් පසුව එයට විපක්ෂනායකවරයා ප්‍රතිචාර දැක්වීමත් සමඟ පාර්ලිමේන්තුව උණුසුම් විය.
එහිදී විපක්ෂනායක, සජිත් ප්‍රේමදාස හා අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහත්වරුන් අතර මෙවන් විවාදයක් ඇති විය.
විපක්ෂනායක, සජිත් ප්‍රේමදාස – අපි මේ පාර්ලිමේන්තුවේ ක්‍රිකට් පාලක මණ්ඩලය ගැන විවාදකරලා යෝජනාවක් සම්මත කරගනිමු. ආණ්ඩුවයි, විපක්ෂයයි එකතුවෙලා 225 ම අත් උස්සල දූෂිත ක්‍රිකට් පාලන මණ්ඩලයේ පරිපාලනය ගෙදර යවන්න කටයුතු කරමු. පාර්ලිමේන්තු ස්ථාවර නියෝග අතරේ හැංගෙන්නෙ නැතුව වැඩේ කරමු.
විපක්ෂනායක, සජිත් ප්‍රේමදාස – ලැජ්ජ නැති නීති ගෙන්ල්ල ඒ අස්සෙ හැංගෙන්නෙ නැතුව වැඩේ කරමු. අපි මේ සම්බන්ධයෙන් අගමැතිතුමාගෙන් හා ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායකතුමාගෙන් ඉල්ලීමක් කරනවා. විපක්ෂයට විතරක් නෙමෙයි, ආණ්ඩුවයි විපක්ෂයයි දෙකම එකතුවෙලා මේ වැඩේ කරමු. මේ දූෂිත ක්‍රිකට් පරිපාලනය ගෙදර යවමු. ඒකට භේදයක් නැතුව එකතුවෙමු.
නියෝජ්‍ය කතානායක අජිත් රාජපක්ෂ- ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායකතුමා කතා කරන්න.
ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක, අමාත්‍ය ප්‍රසන්න රණතුංග (ශ්‍රී.පො.පෙ) – ගරු නියෝජ්‍ය කතානායකතුමනි, ක්‍රිකට් පාලක මණ්ඩලය හොර ගුහාවක් කියල මම ඊයෙත් මේ සභාවේ කිව්වා. ඒ සම්බන්ධයෙන් ඇමතිතුමා අවශ්‍ය කටයුතු කරල තියෙනවා. මම අධිකරණ තීන්දුව ගැන කතා කරන්න යන්නේ නැහැ. මට ඒ තීන්දු ගැන විවේචනය කරන්න අයිතියක් නැහැ.
විපක්ෂනායකතුමා දේශපාලන වාසි ගන්න ක්‍රිකට්එක පාවිච්චි කරන්න හදනවා. පහුගිය වසරේ මීට වඩා රටේ ප්‍රශ්න තිබුණා. එදා රටේ ආර්ථිකය ගොඩගන්න එකතුවෙන්න කියල සියළුම දෙනාට ආරාධනා කළා. එදා එකතු නොවුණ අය එදා වගේම අදත් මේ ප්‍රශ්නයේදි දේශපාලන වාසි ගන්න හදනවා. තමුන්නාන්සේලා හූ කියල තමන්ගේ වරිගය පෙන්නුවට මට කරන්න දෙයක් නැහැ.
ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක, අමාත්‍ය ප්‍රසන්න රණතුංග (ශ්‍රී.පො.පෙ) – පිස්සො වගේ කෑ ගහන්න එපා. කියන දේ අහගෙන ඉන්න. රටේ මිනිස්සු දුක් විඳිද්දි සංවේදී නොවුණ විපක්ෂය ක්‍රිකට් සම්බන්ධ ප්‍රශ්නයේදී සංවේදී වීම ගැන සතුටු වෙනවා.අපි ක්‍රීඩා ඇමතිතුමා එක්ක එකඟයි. හැබැයි පාර්ලිමේන්තු න්‍යාය පත්‍රයේ වැඩ ටික කරගන්නත් ඕන. විපක්ෂනායකතුමාට යෝජනාවක් ගේන්න ඕනනම් ගේන්න. අපි ඒකට විරුද්ධ නෑ. උදවු කරනවා.
0 Comments