ගුවන් තොටුපල ඉහල අහසේ අද්භූත වස්තුවක්.. ගුවන් යානා ගුවන්ගත නොකරයි.. පැමිණෙන යානා හරවා යවයි…

 

ඉන්දියාවේ මනිපුර් ඉම්පාල් ගුවන්තොටුපල ඉහළ අහසේ හඳුනා නොගත් අද්භූත වස්තුවක් ඉහළ අහසේ සැරි සරා ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි.

ඒ හේතුවෙන් ගුවන් තොටුපල කටයුතු පැය කිහිපයකට අඩපණ වී ඇත.

මගී ගුවන් යානා තුනක් ගුවන්ගත කිරීමට නොහැකිව පැය කිහිපයක් ගුවන්තොටුපළේ රඳවා තැබීමට ද බලධාරීන් කටයුතු කර ඇත.

ගුවන් තොටුපළ වෙත පැමිණි ගුවන් යානා දෙකක්ද ආසන්න ගුවන් තොටුපලවල් පුළුවන් වෙත හරවා යවා ඇති බවත් වාර්තාවන්හි  දැක්වෙයි.

Post a Comment

0 Comments