ඇමති රොෂාන්ගේ බෑගයට මත්කුඩු දැමීමේ උත්සාහයක් හසුවෙයි..

 

ක්‍රිකට් ආයතන ප‍්‍රධානින් විසින් මෙහෙයවන ලද පිරිසක් මගින් තමන්ගේ ගමන් බෑගයට මත්කුඩු දැමීමේ උත්සාහයක් ක්‍රියාත්මක වූ බව ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ මහතා සඳහන් කරයි.

තමා රග්බි සම්මේලනයේ සාකච්ඡාව සඳහා ඩුබායි බලා යාමට සූදානම් වූ අවස්ථාවේ එම සැලසුම ක්‍රියාත්මක වූ බව තම මිතුරන් දෙදෙනකු තමන්ට දැනුම් දුන් බවද හෙතෙම කියා සිටියේය.

පාර්ලිමේන්තුවේදී විශේෂ ප්‍රකාශයක් සිදු කරමින් ඔහු මෙම අදහස් පල කරන ලදී.

ජනාධිපතිතුමන් විනාස කිරීමට කවුරුන් හෝ උත්සාහ කරමින් සිටින බව තමන්ට පෙනෙන බවත් ක්‍රිකට් ආයතනයේ සිටින දූෂිත හොරු රැළට ජනාධිපතිට ලං වීමට ඉඩ නොදිය යුතු බවත් හෙතෙම එහිදී පැවසීය.

අමාත්‍යවරයෙකුට තර්ජනය කිරීමට තරම් මෙම හොරු රැල බලවත් බවත් ජනාධිපතිවරයා ශ්‍රී ලංකා ප්‍රිමියර් ලීග් තරගය නරඹමින් සිටියදී ඔහුගේ පසුපස සිටියේ ශම්මි සිල්වාගේ ආරක්ෂකයා වූ පාතාලකරුවෙක් බවත් ඇමැතිවරයා පැවසීය. එම පාතාලයා දුටු තමන් ද බියට පත් වූ බවද අමාත්‍යවරයා සදහන් කලේය.

Post a Comment

0 Comments