පවත්නා අයහපත් කාලගුණ තත්වය හේතුවෙන් උතුරු පලාතට මේ දිනවල ඇදහැලෙන ධාරාණිපාත වර්ෂාව හා ජලගැලීම් හේතුවෙන් පහත් බිම් මෙන්ම ගොවිතැන් කටයුතු වලටද දැඩි බාධාවන් එල්ල වී ඇත.
මේ හේතුවෙන් ජනතාවගේ දෛනික කටයුතු වලටද බාධා එල්ලවී ඇත අතර වව්නියාව ,යාපනය, මුලතිව් , මන්නාරම් සහ කිලිනොච්චි යන දිස්ත්‍රීක්කයන්ට මෙලෙස දැඩි වර්ෂාවන් ලැබෙමින් පවතී.
උතුරු පලාතේ වැසි වලාකුලුවලින් බරව පවතින අතර වර්ෂාපතනයත් සමග මාර්ගවල ගමන්කිරීමේදී සැලකිලිමත්වන ලෙස පොලීසිය දන්වා සිටියි.
මෙවර මාස්කන්නයේ වගාකල කුඹුරු ඉඩම් සැලකිය යුතු ප්‍රමාණයක්ද ජලගැලීම්වලට හසුවීමෙන් ගොවි ජනතාව දැඩි අපහසුතාවයන්ට පත්ව සිටිති.
0 Comments