සෞඛ්‍ය අමාත්‍යාංශයේ වෛද්‍ය සැපයුම් අංශයේ අධ්‍යක්ෂ වෛද්‍ය කපිල වික්‍රමනායක ඇතුළු ඉහළ පෙළේ නිලධාරීන් සිව් දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.
ප්‍රමිතියෙන් තොර ඉමියුනොග්ලොබියුලින් එන්නත් තොගයක් මිලදී ගැනීමේ සිදුවීම සම්බන්ධයෙන් මෙම පිරිස අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන ඇත.
වෛද්‍ය සැපයීම් අංශයේ අධ්‍යක්ෂල වෛද්‍ය කපිල වික්‍රමනායක, සහකාර අධ්‍යක්ෂ දේවශාන්ත සොලමන්, ගණකාධිකාරි (සැපයුම්) නෙරාන් ධනංජය, තොග පාලක සුජිත් කුමාර යන සිවු දෙනා මෙසේ අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නිහාල් තල්දුව මහතා පැවසීය.

0 Comments