ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය යනු අන්ත දූෂිත ආයතනයක් බවත් ,ක්‍රිකට් යනු මේ රටේ පොදු ජනතාවගේ පොදු දේපලක් මිස ශම්මි සිල්වාගේ පෞද්ගලික දේපලක් නොවන බවත්,මෙරට ක්‍රිකට් සාමාජිකත්වය අත්හිටුවීමට ඔහු ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයෙන් ඉල්ලීමක් කර ඇත්නම් එය රට පාවාදීමක් බවත්,ඔහුට එරෙහිව ඇමතිවරයා විසින් වහාම නීතිමය පියවර ගත යුතු බව නිවේදනයක් නිකුත් කරමින් ප්‍රසන්න රණතුංග ඇමතිවරයා පවසා ඇත.
මේ අතර ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක ලෙස ඇමති ප්‍රසන්න ජ.වි.පෙ ගිණුමට ශම්මි සිල්වාගෙන් මුදල් ගලාගෙන එන බව පාර්ලිමේන්තුවෙන්තුවේදී කළ ප්‍රකාශයට පිළිතුරු දෙමින් අනුර කුමාර පාර්ලිමේන්තුවේදී ම පැවසුවේ ක්‍රිකට් මුහුණ දී තිබෙන මෙම අර්බුදය ක්‍රිකට් පාලක මණ්ඩලය තුල දීර්ඝ කාලයක සිට පැවති අර්බුදයම බවත් ,ක්‍රිකට් පාලක මණ්ඩලය යනු රණතුංග පවුලයි,ධර්මදාස පවුලයි,සුමතිපාල පවුලයි දැන් එයට හිච්චි විජේදාස පවලද එක්වී ඇති බවත්,මේ පවුල් එක වෙලාවක එකට සිටින බවත්,තවත් වෙලාවක බෙදී සිටින බවත්, අපි ශම්මි සිල්වා දැකලවත් නැති බවත් ,ඒ නිසා පරීක්ෂණයක් කර ඒවා හෙළිදරව් කරන ලෙස තමා ප්‍රසන්නගෙන් ඉල්ලා සිටින බවත්,පැවසීය .
ප්‍රසන්න රණතුංග කියන්නේ කප්පම් සිද්ධියකට මහාධිකරණයෙන් දඬුවම් ලබපු ලියාපදිංචි කප්පම් කරුවෙක් බවත් ,එම වරදට ඔහුට කෝටි දෙක හමාරක දඩයක්,ලක්ෂ 20 ක වන්දියක් ,හා අවුරුදු හතරහමාරකට ඇඟ බැන්ද බවත්,එවැනි කප්පම් කරුවෙක් අපිට බොරු චෝදනා එල්ල කරන බවත් ක්‍රිකට් පාලක මණ්ඩලයට ලැබෙන අති විශාල මුදල් කන්දරාව බෙදාගන්න මේ පවුල් කීපය කටයුතු කරන බවත් ඔහු වැඩිදුරටත් පැවසීය .

0 Comments