ඔහු මේ බව ප්‍රකාශ කළේ ශම්මි සිල්වා සභාපතිත්වය දැරූ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය අත්හිටුවමින් ක්‍රීඩා ඇමති රොෂාන් රණසිංහ මහතා අර්ජුනගේ නායකත්වයෙන් පත්කළ අතුරු කමිටුවට එරෙහිව හිටපු සභාපති ශම්මි සිල්වා ගරු අභියාචනාධිකරණයේ ගොනුකළ රිට් පෙත්සම අද සලකා බැලීමෙන් අනතුරුව දින14 කාලයක් සඳහා අතුරු කමිටුවේ කටයුතු අත්හිටුවීමෙන් පසුව ක්‍රීඩා ඇමති පාර්ලිමේන්තුවේදී ප්‍රකාශයක් කරමින් සිටින අතරතුරේදීය.
විමල් මන්ත්‍රීතුමා එහිදී වැඩිදුරටත් මෙසේ පවසන ලදී.
සා ගල රත්නායක කරල තියෙන ක්‍රීඩාව මොකක්ද කියල මට කියන්න.මොන ක්‍රීඩාවද කරල තියෙන්නෙ.අමාත්‍ය වරයකු ගත් තීන්දුවක් ගැන අමාත්‍ය මණ්ඩල අනුකමිටුවක් දානඑක හරි.සාගල රත්නායක සමග කොහොමද කමිටු දාන්නෙ.ඒක අමාත්‍ය මණ්ඩලයටම කරන අවමානයක්.සාගල ඉන්නේ අමාත්‍ය මණ්ඩලයට උඩින්ද? යනුවෙන් ප්‍රකාශ කරන ලදී..
මේ පිළිබඳව පාර්ලිමේන්තුවේදී අදහස් දැක්වූ ක්‍රීඩා ඇමති පැවසුවේ තමා අධිකරණ තීන්දුවට ගරු කරන නමුත් ක්‍රිකට් ආයතනයේ හිටියෙ පතුල නොපෙනෙන තරමට හොරකම් කරපු දූෂිත හොරු රැලක් බවත්, ඔවුන් නැවත අද සිට වැඩ භාරගන්නා බවත්, මහජනයාගේ දැන ගැනීම සඳහා හෙට තමා ක්‍රීඩාව හා ක්‍රිකට් සම්බන්ධයෙන් විශේෂ ප්‍රකාශයක් කරන බවත් පැවසීය.
මේ අතර අතුරු තහනම් නියෝගයත් සමඟ ශ්‍රී.ල.ක්‍රිකට් ආයතනය හැරයාමට සිදුවූ අර්ජුන මාධ්‍ය හමුවේ පැවසුවේ ජනාධිපති දූෂිතයන්ව රකිවිද?මේක සැලසුම් කරල කරපු දෙයක් බවත්,ක්‍රිකට් ගැන කණගාටුවන බවත්,ක්‍රිකට් විනාශකරන පුද්ගලයා ගැන ඉදිරියේදී හෙළිකරන බවත්,තමන්ට දැන් මෙික තිත්ත වෙලා ඉන්නෙ යයි හැඟීම් බරව ප්‍රකාශ කළේය..
0 Comments