ක්‍රිකට් අතුරු පාලක මණ්ඩලයේ කටයුතු අත්හිටුවමින් අතුරු තහනමක් නිකුත් කිරීමේ සිද්ධියට අදාළ නඩු විභාගයෙන් අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු නිශ්ශංක බන්දුල මැතිතුමා අද ඉවත්වී ඇත.
ඒ අතුරු තහනම් නියෝගය ට එරෙහිව ක්‍රීඩා ඇමති රොෂාන් රණසිංහ ගොනු කළ මෝසම අද විභාගයට ගත් අවස්ථාවේ දී ය.
එහිදී අභියාචනාධිකරණයේ සභාපති විනිසුරුතුමා මෙම නඩුව විභාගයට ගැනීම සම්බන්ධයෙන් තම සේවාදායකයා විරෝධය පළකරන බව ක්‍රීඩා ඇමති වෙනුවෙන් පෙනිසිටි ජනාධිපති නීතීඟ්‍රවරයා අධිකරණයට දැනුම් දී ඇත .පසුව සභාපති විනිසුරුතුමා ප්‍රකාශ කර සිටියේ ක්‍රීඩා ඇමති ,ඇතැම් ඇමතිවරු හා පාර්ලිමේන්තු මන්ත්‍රීවරු තමන් සම්බන්ධයෙන් අසාධාරණ විවේචන එල්ල කිරීම හේතුවෙන් තමන් මෙම නඩු විභාගයෙන් ඉවත්වීමට තීන්දු කළ බවයි.ඒ අනුව ක්‍රීඩා අමාත්‍යවරයා ගොනු කළ මෝසම වෙනත් විනිසුරු මඩුල්ලක් ඉදිරියේදී විභාග කිරීමට තීන්දු කෙරිණි .
0 Comments