පාර්ලිමේන්තුවේ නිලධාරිනියකට කෝප් කමිටුවේ හිටපු සභාපතිවරයෙකු ලිංගික හිංසනයකට ලක් කළේ යැයි පැමිණිලි කර ඇතැයි සමගි ජන බලවේග පාර්ලිමේන්තු මන්ත්‍රී හේෂා විතානගේ මහතා සඳහන් කරයි.
මේ පිළිබඳව පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරියන්ගේ සංසදයේ සභාපතිතුමියද දැනුවත් කර ඇතැයි ඔහු පැවසීය.
කෝප් කමිටුව මෙතරම් පහත් තැනකට වැටී තිබියදී ඒ පිළිබඳව තීන්දුවක් නොගන්නේ මන්දැයි ප‍්‍රශ්නයක් ඇති බවද ඔහු කියා සිටියේය.
පාර්ලිමේන්තුවේ අයවැය විවාදය අතරතුරු මන්ත්‍රීවරයා මේ අදහස් පල කරන ලදී.

0 Comments