අපේ දක්‍ෂතාවයේ අඩුවක් නෑ.. නවසීලන්තය පරදා ශූරයන්ගේ කුසලානයට යනවා..- සිංහ පෝතක පුහුණුකරු

 

පසුගිය තරඟ වලින් බොහෝ පාඩම් ඉගෙන ගෙන අද නවසිලන්තය සමග පැවැත්වෙන තරගය ජයග්‍රහණය කරන බව ශ්‍රී ලංකා කණ්ඩායමේ සහාය පුහුණුකරු නවීඩ් නවාස් සඳහන් කරයි.

ශ්‍රී ලංකා කණ්ඩායමේ ක්‍රීඩකයන්ගේ දක්ෂතාවල කිසිදු අඩුවක් නැති බවත් එම දක්ෂතාවයන් මත තරඟය ජය ගැනීමට සියලු සැලසුම් සදන බවද හෙතෙම පැවසීය.

දැනටමත් ශ්‍රී ලංකා කණ්ඩායම ලෝක කුසලාන තරගාවලියෙන් ඉවතට විසි වී ඇතත් මීලගට පැවැත්වෙන ශූරයන්ගේ කුසලාන තරගාවලියට සහභාගීවීම සඳහා අද තරගය ඉතා වැදගත් බවද හෙතෙම පැවසීය.

නවසීලන්තය සමඟ පැවැත්වෙන තරඟයට පෙර මාධ්‍ය අමතමින් ඔහු මෙම මේ බව කියා සිටියේය.

Post a Comment

0 Comments