ඔහු මේ බව ප්‍රකාශ කළේ කෝප් කමිටුවේ හිටපු සභාපතිවරයකු ලිංගික අල්ලස් ඉල්ලා ඇති බවට ඔහු විසින්ම පාර්ලිමේන්තුවේදී සිදුකළ හෙළිදරව්ව හේතුකොටගෙන තමාද ඇතුළු හිටපු සියලු කෝප් සභාපතිවරුන්ට මෙම චෝදනාව එල්ල වන බැවින් මේ සම්බන්ධයෙන් සත්‍ය අනාවරණය කරන ලෙස මහාචාර්ය චරිත හේරත් මැතිසබයේදී කළ ප්‍රකාශයට පිළිතුරු දෙමින්ය.
චරිත හේරත් මහතා වැඩිදුරටත් පැවසුවේ මෙම සිදුවීමට සම්බන්ධ සභාපතිවරයා ගැන සත්‍ය හෙළිදරව් නොකළහොත් එමගින් පාර්ලිමේන්තුවටත්,කොප් කමිටුවටත් අගෞරවයක් වන බවය.
එහිදි හේෂා විතානගේ මන්ත්‍රීවරයා පැවසුවේ දැනට එල්ලවී ඇති ප්‍රශ්න ටිකත් එක්ක ලිංගික ප්‍රශ්නයත් අර කටේ ඇඟිල්ල තිබ්බ මහත්තයාගෙ ඇඟට දාන්න බැරි හින්දා පාර්ලිමේන්තුවේ අවධානයට යොමු කරන්න පමණයි මේක කිව්වෙ කියාය.කෙසේ වුවත් මේකටත් වර්ථමාන කෝප් සභාපතිවරයා සම්බන්ධයි යනුවෙන් ඔහු පැවසීය .
මේ සම්බන්ධයෙන් අද පාර්ලිමේන්තුවට ප්‍රකාශයක් කළ කෝප් සභාපති රංජිත් බණ්ඩාර පැවසුවේ තමාට කරන මේ චෝදනාව ඔප්පු කළොත් තමා මන්ත්‍රී ධුරයෙන් ඉල්ලා අස්වන බවයි..

0 Comments