දේවගැති ජෙරම් ප්‍රනාන්දු ගුවන් තොටුපලේ දී අල්ලන්න එපා. අභියාචනාධිකරණය රහස් පොලීසියට දන්වයි......



 බුද්ධාගමට හා අන්‍යආගම් වලට අපහාස කිරීමේ චෝදනා ලැබ සිටින දේවගැති ජෙරම් ප්‍රනාන්දු ශ්‍රී ලංකාවට පැමිණෙන අවස්ථාවේ දී ගුවන් තොටුපලේ දී අත් අඩංගුවට නොගන්නා ලෙස අභියාචනාධිකරණය රහස් පොලීසියට දැනුම්දී ඇත.අධිකරණය එසේ පැවසුවේ  තමන් මෙරටට පැමිණෙන විට අත් අඩංගුවට ගැනීම වළක්වන අතුරු තහනම් නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා ජෙරම් ප්‍රනාන්දු අභියාචනාධිකරණය වෙත ගොනු කර තිබූ රිට් පෙත්සම සලකා බැලීමෙන් අනතුරුවය.

         දේවගැතිවරයා මෙරටට පැමිණි පසු පැය 48ක් තුල රහස් පොලීසියේ වෝහාරික අංශයට ප්‍රකාශයක් කළ යුතු බවත් ,ඉන් අනතුරුව සාමාන්‍ය නීතිය යට⁣තේ ක්‍රියාකළ යුතු බවත් ,අධිකරණය වැඩිදුරටත්  රහස් පොලීසියට නියෝග කළේය.

Post a Comment

0 Comments