ක්‍රිකට් අවුල.. ----- කෝප් කමිටුවේ සභාපති ඉවත් කර විපක්ෂයෙන් කෙනෙකු පත් කරන්න .. ක්‍රීඩා ඇමති ඉල්ලයි !



 කෝප් කමිටුව ගැන තිබෙන විවේචනය හේතුවෙන් විපක්ෂයේ මන්ත්‍රීවරයකු එහි සභාපති ලෙස පත්කර විමර්ශනය සිදුකරනමෙන් ක්‍රීඩා ඇමති අද පාර්ලිමේන්තුවේදී ඉල්ලා සිටින ලදී. කෝප් එකේ video දකිනවිට කෝප් එකත් විකිණිලාද කියා තමාටද හිතෙන බවත් පැවසීය .

දොළවත්ත මන්ත්‍රීවරයා පැවසුවේ වහාම වැඩබලන සභාපතිවරයකු පත්කර කෝප් කමිටුවේ ඉදිරි කටයුතු කරන ලෙසයිි.

විපක්ෂනායක සජිත් මහතා  අද පාර්ලිමේන්තුවේදී පැවසුවේ අපේ රටේ ක්‍රිකට් තහනම් කරන ලෙස ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයෙන් ඉල්ලූ තැනැත්තන් කර ඇත්තේ දේශද්‍රෝහී,රාජද්‍රෝහී ක්‍රියාවක් බවත්,මොවුන්ට එරෙහිව වහාම අපක්ෂපාත පරීක්ෂණයක් පැවැත්විය යුතු බවයි. කෝප් කමිටුවේ රූපරාමු බැලීමේදී පෙනී යන්නේ එහි සභාපති නියමින් හෝ අනියමින් සාක්ෂිකරුවන් ට උපදෙස් දෙනවා උත්තර ලබාදීම සම්බන්ධයෙන් .මෙය බරපතල ප්‍රශ්නයක්.මේ ගැනද පරීක්ෂණයක් ඕනෑ .මීට අමතරව ⁣කොප් කමිටුවේ අනෙකුත් සාමාජිකයන් වන හේෂා,මරික්කාර්,දයාසිරි, නලින් යන මන්ත්‍රීවරු ද අද පාර්ලිමේන්තුවේදී අදහස් දැක්වීය.

Post a Comment

0 Comments