ශ‍්‍රී ලංකාවට ජාත්‍යන්තර ක‍්‍රිකට් තහනමක්…?

 

ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩාව ජාත්‍යන්තර වශයෙන් තහනමකට ලක් වීමේ අවදානමක් මතුව ඇති බව ක්ෂේත්රයේ ප්‍රවීණයෝ කියා සිටිති.

ඔවුන් පෙන්වා දෙන්නේ ක්‍රිකට් පාලක මණ්ඩලය අත්හිටුවමින් ක‍්‍රිකට් අතුරු කමිටුවක් පත් කිරීම හේතුවෙන් මෙම තත්ත්වය උදාවී ඇති බවයි.

මෙම නව අතුරු කමිටුව පත් කිරීම ක්‍රිකට් ක්‍රීඩාව සඳහා දේශපාලන මැදිහත් වීමක් ලෙස ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය විසින් හඳුනාගනු ඇති බවත් ඒ හරහා ක්‍රිකට් ක්‍රීඩාව මෙරටට තහනම් වීමේ ඉහලම අවදානමක් මතුව ඇති බවත් ඔවුන් පෙන්වා දෙති.

ශ්‍රී ලංකා ක්‍රිකට් සම්බන්ධයෙන් දේශපාලන මැදිහත්වීම් ඇති බවට සිහි කැඳවමින් ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය විසින් මීට පෙර අවස්ථා කිහිපයකදී මෙරටට ලිඛිතව දන්වා තිබිණි.

Post a Comment

0 Comments