ක්‍රිකට් පරිපාලනයට පත් වන්නන්ගෙන් අපේක්ෂා කරන්නේ, මෙරට ක්‍රිකට් ක්‍රීඩාවේ සෑම අංශයකින් දියුණුවක් දැකීම වුවත්, වර්ථමානයේ පරිපාලනයට පිරිස් එක්වන්නේ, ක්‍රිකට් හේතුවෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට ලැබෙන අති විශාල මුදල් සොරා ගැනීමටද යන්න සොයා බැලිය යුතු බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා.
තමන් කිසිදු අවස්ථාවක අධිකරණය විවේචනය නොකරන නමුත්, ක්‍රිකට් ක්‍රීඩාව සම්බන්ධයෙන් ලබාදෙන නියෝග පිළිබඳ බරපතල ගැටලු රැසක් ඇති බවත්, ලක්ෂ 220ක් වූ ජනතාවගේ හදවතේ ඇති මේ ක්‍රීඩාව සමඟ විධායකයට,ව්‍යවස්ථාදායකයට, අධිකරණයට මෙන්ම හොරුන්ට සහ අල්ලස්කරුවන්ට සෙල්ලම් කිරීමට ඉඩ දිය නොහැකි බවත්, විපක්ෂ නායකවරයා අවධාරණය කළා.
හොරුන්ගෙන් ක්‍රිකට් බේරා ගැනීමට නම්, ක්‍රීඩාවේ අත්දැකීම්ද ඇති දක්ෂ පරිපාලකයින් වූ ආනා පුංචිහේවා වැනි පුද්ගලයන්ට මෙය බාර දිය යුතු බවත්, වර්ථමානයේ ක්‍රීඩා අමාත්‍යවරයාට හෝ කිසිවක් කළ නොහැකි ලෙස, ජනාධිපතිවරයා සහ ඔහුගේ හිතවතුන් එයට ඇගිලි ගැසීම අරඹා ඇති බවටත් චෝදනා කළා.
අධිකරණයේ ස්වාධීනත්වයට ක්‍රිකට් සොරුන්ගෙන් බලපෑමක් සිදුවෙනවාද යන්න වහාම සොයා බැලිය යුතු බව කියා සිටි විපක්ෂ නායකවරයා, ක්‍රීඩා අමාත්‍යවරයා ගන්නා ඕනෑම නිවැරදි තීන්දුවක් වෙනුවෙන් තමන් ප්‍රමුඛ සමගි ජන බලවේගය පෙනී සිටින බවත් අවධාරණය කළා.
0 Comments