මේ යකුන්ට බුදුරජාණන් වහන්සේගේ ධර්මය මතක් වෙන්නේ අයවැය ඉදිරිපත් කරන විට පමණක් බවත්, බුදු දහම අනුව මේ රට පාලනය කළානම් මෙහෙම නොවන බවත්, මේ අයවැය ඊයේ ඉදිරිපත් කළේ යම රජ්ජුරුවෝ බවත්, එයා අපායේ රජ්ජුරුවෝ බවත්, එයා වැඩ කරල තියෙන්නේ අපායේ බවත්, මහ බැංකුව කඩනකොට,බටලන්ද වගෙ වරදවල් කරනකොට මේ රජාට ධර්මය මතක්වුනේ නැද්ද කියා විමසීය. උන්වහන්සේ මේ අදහස් පළකළේ අද ප්‍රවෘත්ති සාකච්ඡාවකදී ය. තවදුරටත් අදහස් දැක්වූ උන්වහන්සේ අපායක් බවට මේ රට පත් කළේ කවුද?
යම රජ්ජුරුවෝ හිතාගෙන ඉන්නේ රජයේ සේවකයො විතරයි කන්නෙ කියල.සාමාන්‍ය ජනතාව කොහොම කනවද කියල බලල තියෙනවද.අයවැයෙන් භාණ්ඩ මිළ අඩු කළාද?
ඒ ගැන වගේ වගක් නෑ.අයවැය එන්න ඉස්සෙල්ලම බදු ගහල,විදුලි බිල ,ජලබිල තෙල්මිළ,වැඩි කරල ජනතාව අනාතයි.මෙයා ණයපති,විකුණුම්පති.ගොඩනැගිලි පෙන්නන්න බෑ.විකුණනවා.විකුණල සතුටක් ලබන මිනිහෙක්. සේරම විකුණනවා.මේක සත පහකට වැඩක් නැති අයවැයක්.සේරම බොරු පොරොන්දු .මේ පොරොන්දු ඡන්ද බලාගෙන මිනිස්සුන්ව රවට්ටන්න ගෙනා යෝජනා බවත් උන්වහන්සේ වැඩිදුරටත් පැවසීය.
එමෙන්ම නාමල් බේබිට කියනවා ඔයා ගොන් කතා කියන්න එපා. මිනිස්සුන්ව තවත් අන්දන්න එන්න එපා. තමුන්නැහැලා ගෙ මුදල් ඇමතිනම් අයවැය පරද්දනවා. මැතිවරණ තිබ්බොත් ඇප නැති කරනවා.ඔහෙලව එල්ලනවා... වශයෙන් පැවසීය.
0 Comments