මහ ඔය ඉහළ සහ මධ්‍යම ප්‍රදේශවලට වර්ෂාපතනයක් ලැබීම මත නාසා ප‍්‍රදේශ කිහිපයකට විශාල මට්ටමේ ගංවතුර තත්ත්වයක් ඇති විය හැකි යයි අනතුරු අඟවා ඇත.
වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසන්නේ අලව්ව, දිවුලපිටිය, මීරිගම, පන්නල, වෙන්නප්පුව, මීගමුව, කටාන, නාරම්ම සහ දංකොටුව යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවල මහ ඔය නිම්නයේ පහත්බිම්වලට විශාල මට්ටමේ ගංවතුර තත්ත්වයක් ඇති විය හැකි බවය.
ඒ හේතුවෙන් අවදානමට සූදානමින් සිටින ලෙසද මහජනතාවට දැනුම් දෙයි.

0 Comments