රොෂාන්ගේ අතුරු කමිටුව ගැන හොයන්න ජනාධිපතිගෙන් කැබිනට් කමිටුවක්…

 

ශ්‍රී ලංකා ක්‍රිකට් පාලක මණ්ඩලය අත්හිටුවා ක‍්‍රිකට් අතුරු කමිටුවක් පත් කිරීමට නිකුත් කර ඇති ගැසට්ටුව සම්බන්ධයෙන් සොයා බැලීමට කැබිනට් අනුකමිටුවක් පත් කිරීමට තීරණය කර ඇත.

මෙම තීරණය ගෙන ඇත්තේ ජනාධිපතිගේ ප‍්‍රධානත්වයෙන් අද රැස් වූ කැබිනට් මණ්ඩලයේදීය.

ක‍්‍රිකට් අතුරු කමිටුවක් පත්කිරීම සම්බන්ධයෙන් හා කමිටුවට පත්කළ සාමාජිකයින් පිළිබඳව ජනාධිපතිවරයා දැනුවත්ව නොසිටි බව වාර්තා වන අතර ජනාධිපතිවරයා මේ ගැන දැනුවත්ව ඇත්තේ මාධ්‍ය වාර්තා වලිනි.

ඒ අනුව අද පස්වරුවේ රැුස්වූ කැබිනට් මණ්ඩලයේදී ක්‍රිකට් ආයතනයේ ඉදිරි කටයුතු සහ අදාළ ගැසට්ටුව ගැන සොයා බැලීමට කමිටුවක් පත් කිරීමටය.

ඇමති අලි සබ්රි අමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් පත් කර ඇති මෙම කමිටුවට ටිරාන් අලස්, මනුෂ නානායක්කාර, කංචන විජේසේකර ඇමතිවරුන් ඇතුලත්ය.

Post a Comment

0 Comments