මූල්‍ය අරමුදලේ නිර්දේශ ක්‍රියාත්මක කිරීම අර්බුදයට විසඳුම නොවේ ..!. මහාචාර්ය ඕ.ජී.දයාරත්න බණ්ඩා කියයි.

 


ආර්ථික අර්බුදය පුපුරා ගොස් මේ වනවිට වසර තුනක්  ගතවී තිබේ .එහෙත් මෙතෙක් රට එයින් ගොඩ යන බවක්  පෙනෙන්නට නැත .විදෙස් ණය ගෙවීම තාවකාලිකව අත්හිටුවා ඇති  බැවින්  එම මුදල් ඉතිරිකරගෙන ඒවායින් ආනයනය කරනවා හැර ආර්ථිකයේ වෙනත් කිසිදු සාධනීය වර්ධනයක් දක්නට  නොමැති බව පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ ආර්ථික විද්‍යාව හා සංඛ්‍යාන අධ්‍යයනාංශයේ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය ඕ.ජී දයාරත්න බණ්ඩා මහතා ලංකාදීපට පවසා තිබුණි .

       ඔහු වැඩිදුරටත්  පවසා තිබුණේ උද්ධමනය අඩුවී තිබුනත් භාණ්ඩ හා සේවාවල මිල ගණන් වල අඩුවීමක්  සිදුව නොමැති බවයි .මේ අනුව මූල්‍ය අරමුදලේ  සියලුම කොන්දේසි ක්‍රියාත්මක කිරීම ආණ්ඩුවේ වගකීම නොවන බවත් ,.ආණ්ඩුව කළ යුත්තේ ජනතාව තවත් පිඩාවට පත් නොකර තමන්ගේම වූ විකල්ප ක්‍රියාමාර්ග ක්‍රියාත්මක කිරීම බවත් ,එසේ නොමැතිව මූල්‍ය අරමුදලේ නිර්දේශ ක්‍රියාත්මක කිරීම අර්බුදය ට ඇති විසඳුම නොවන බවයි .

ආණ්ඩුව තවදුරටත් මේ යන  මාර්ගයේම ගියොත් ආර්ථිකය තිබුනාටත් වඩා විශාල අර්බුදයකට ඇද වැටීමට පුළුවන් බවත්,

අයවැය ඉදිරිපත් කිරීමටත් පෙර වැට් බද්ද වැඩිකිරීම හා විදුලි ගාස්තු ඉහළ දැමීමෙන් පෙනෙන්නේ අයවැයෙන් ද මූල්‍ය අරමුදලේ මාර්ගයේ හෝ එම මාර්ගය තහවුරු කරන ක්‍රියාමාර්ගයකම ආණ්ඩුව ගමන් ගන්නා බවයි .බදු පීඩනය අඩු කිරීමකින් තොරව මහජනතාවගේ ප්‍රශ්නය විසදෙන්නේ නැති බවත්,ආර්ථික අර්බුදය ඇති වූ දා සිට මේ දක්වා ලක්ෂ පහකට වැඩි පිරිසකට රැකියා අහිමි වී ඇති බවත් විරැකියා ප්‍රශ්නය විසඳීමට නම් අලුතින් රැකියා නිර්මාණය විය යුතු බවත්,ඒ සඳහා කර්මාන්ත ,සේවා හා අපනයන අංශ පණ ගැන්විය යුතු බවත් ,එහෙත් මෙම රජයට එවැනි දැක්මක් නැති බවත් ,මේ නිසා ජන පීඩනය තවත් ත්‍රීව වෙන බවත්,ගතවූ වසර දෙකක කාලයෙහි ආර්ථික පුනර්ජීවනයට අවශ්‍ය ප්‍රතිපත්ති කිසිවක් ක්‍රියාත්මක කර නැති බවත් ,මේ ආණ්ඩුව ජාම බේරා⁣ගෙන ඉදිරියට යන එදාවේල ටුවර්ස් ආණ්ඩුවක් බවත් පවසා ඇත ...

Post a Comment

0 Comments