අතුරු කමිටු දාල හරියන්නෑ.. ඒව පැලැස්තර.. ICC එකට පටහැනි වැඩ නොකර ඉමු..- ජනාධිපති

 

ක්‍රිකට් ආයතනය සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේ දී පැවති විවාදය පිළිබදව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා හා ආණ්ඩු පක්ෂ මන්ත්‍රීවරුන් අතර පාර්ලිමේන්තු සංකීර්ණ දී සාකච්ඡාවක් පැවැත්වී තිබේ.

එහිදී මන්ත්‍රීවරුන් විමසූ කරුණු සම්බන්ධයෙන් ජනාධිපතිවරයා මෙසේ පැහැදිලි කිරීමක් කර ඇත.

‘ක්‍රිකට් වැඩපිළි ගැන විවාදය යනවා. කොහොමත් නඩු ගිහින්නෙ තියෙන්නෙ. මං හිතන්නේ හොඳම එක තමයි අපිට මේ ච්ත‍්‍රසිරි වාර්තාව අරගෙන ඒක ක්‍රියාත්මක කරන්න. මොකද මට හිතෙන විදිහට අතුරු පාලක කමිටු දාලා හරියන්නේ නෑ. ඒවා සියල්ලම පැලැස්තර. ඊට වඩා තියෙන්නෙ මේ සම්පූර්ණ නීතිය වෙනස් කරන්න ඒකයි කරන්න ඕනා. අපිට තියෙන්නේ ආපසු ක්‍රිකට් ක්‍රීඩාව දියුණු කරන්න. ඒකට අදාල මණ්ඩලයක් දැම්මාම.

මම නම් එදා ඉදන් පැති අරගෙන නෑ. මට තියෙන එක පැත්තයි ඒ ශ්‍රී ලංකා ක්‍රිකට්.

මගේ එකම බය මට ආරංචි වුණා ICC එක SLC එකට කතා කරලා තිබුණා. ඉතින් එතනට පටහැනිව අපි ක්‍රියා නොකර ඉමු එච්චරයි තියෙන්නෙ. ඒත් මේ යෝජනාව හොඳයි නීති ඉදිරිපත් කරපු එක’

Post a Comment

0 Comments